සටන්කරුවන් දෙදෙනෙකුගේ අරමුණුවල ඇති වෙනස ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගෙන් විමසන ලදී. එනම් කවරෙකු නිර්භීතකම හෝ ප්‍රදර්ශන කිරීමට හෝ මිනිසුන් අතර යම් නිලයක් ලබන්නට අපේක්ෂාවෙන් හෝ වෙනත් අරමුණු උදෙසා හෝ සටන් වදින්නේ ද එවැන්නන් අතරින් අල්ලාහ්ගේ මාර්ගයේ පිහිටනුයේ කවර කරුණක සටන් වදින්නාද? යැයි විමසන ලදී. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "සැබැවින්ම අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්නා යනු අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස සටන් කරන්නාය" යැයි දන්වා සිටියහ.