තමන් ඇතුළු පිරිසක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා සමග ගමනක යෙදී සිටි බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා මෙනෙහි කළේය. එහි දී එතුමාණන් එතුමාණන්ගේ අවශ්‍යතාවයක් සඳහා පිටත්ව ගොස් ඇත. එවිට පැටවුන් දෙදෙනෙකු සමඟ කුඩා කුරුල්ලෙකු ඔවුනු දැක උන් දෙදෙනා අරගෙන ඇත. එවිට එම කුඩා කුරුල්ලා තම පැටවුන් අහිමි වූ හේතුවෙන් ඉහළින් තටු විහිදන්නට පටන් ගෙන ඇත. එවිට නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පැමිණ මෙසේ පැවසූහ. "මුගේ පැටවුන් පැහැරගෙන මූ වේදනාවට පත් කළේ කවු ද?" "මුගේ පැටවුන් මූට නැවත භාර දෙන්න" යැයි නියෝග කළහ. පසුව ගින්නෙන් පුළුස්සා දමා ඇති කුහුඹු ගම්මානයක් එතුමාණෝ දුටුහ. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මෙය පුච්චා දැමුවේ කවුදැ?"යි විමසූහ. ඇතැම් සහගාමීහු 'අපි' යැයි පිළිතුරු දුන්හ. එවිට එතුමාණෝ ඔවුනට: "ගින්නේ මැවුම්කරු අල්ලාහ්ට මිස ජීවීයකු ගින්නෙන් පුළුස්සා දඬුවම් කිරීමට කිසිවකුට යුතු වන්නේ නැත" යැයි පවසා සිටියහ.