අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු වුළූ ධෝවනය, විධිමත්ව ඉටු කරන්නේ ද ඔහුගේ ශරීරයෙන් මෙන්ම ඔහුගේ නියපොතු යටින් පවා ඔහුගේ පාපකම් ඉවත් ව යයි.” صحيح - رواه مسلم
explain-icon

විවරණය

කවරෙකු වුළූ ධෝවනයෙහි සුන්නතයන් හා විනයන් පිළිපදිමින් එසේ නිසි ලෙස වුළූ ධෝවනය කළේ ද එය ඔහුගේ පාපකම්වලට ප්‍රතිකර්මයක් වීමටත්, වැරදි මැකී යාමටත් හේතුවක් වන්නේය. එය කෙතරම් ද යත් ඔහුගේ පාපකම් ඔහුගේ දෑත් හා දෙපාවල නියපොතු යටින් පිහිටිය ද එය ඉවත්ව යනු ඇත.

explain-icon

හදීසයේ හරය

  • වුළුෑ ධෝවනය, එහි සුන්නතයන් හා එහි විනයන් හැදෑරීමට හා ඒ අනුව කටයුතු කිරීමට දිරි ගැන්වීම.
  • වුළූ ධෝවනයෙහි මහිමය. සැබැවින්ම එය සුළු පාප වලට ප්‍රතිකර්මයක් වේ. මහා පාප වනාහි, ඒවාට තව්බා හෙවත් පශ්චාත්තාප වී පාපක්ෂමාවෙහි නිරත විය යුතු වේ.
  • වැරදි පහව යෑමේ කොන්දේසියක් වනුයේ වුළූ ධෝවනය පූර්ණවත් කිරීම හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කළ පරිදි එහි කිසිදු හිඩසක් නොතබා ඒ අයුරින්ම පිළිපැදීමය.
  • සුළු පාපයන්ට ප්‍රතිකර්මයක් වීමේ කොන්දේසිය වනුයේ තමන් මහා පාපකම්වලින් වැළකී සිටිම හා ඒ සඳහා තව්බා හෙවත් පශ්චාත්තාප වී පාපක්ෂමාවෙහි නිරත වීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "නුඹලාට කවර කරුණක් තහනම් කළේ ද එවන් මහා පාපයන්ගෙන් නුඹලා වැළකී සිටියෙහු නම් අපි නුඹලාගේ වැරදි නුඹලාගෙන් පහ කරන්නෙමු." (අන්-නිසා: 31)
explain-icon

අමතර