අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. “ජුමුආ දිනයේ ඉමාම් දේශනාව කරමින් සිටියදී ‘ඔබ නිහඬවනු’ යැයි නුඹ නුඹේ මිතුරාට පැවසූ විට සැබැවින්ම නුඹ එය නිෂ්ඵල කර ගත්තේය.” صحيح - متفق عليه
explain-icon

විවරණය

ජුමුආ දේශනාවට සහභාගී වන අය පිළිපැදිය යුතු විනය සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙහි දී පැහැදිලි කර ඇත්තාහ. එනම්: දේශකයාට තම දේශනය සැලසුම් කරගත හැකි වන පරිදි ඔහු වෙනුවෙන් නිහඬ වීම ය. ඉමාම්වරයා දේශනය කරමින් සිටිය දී සුළු ප්‍රමාණයකින් වුව ද අනෙකාට 'නිහඬ වනු', 'සවන් දෙනු' යැයි කවරෙකු පවසන්නේ ද සැබැවින්ම ඔහු ජුමුආ සලායේ මහිමය අපතේ හැරියේය.

explain-icon

හදීසයේ හරය

  • දේශනාවට සවන් දෙන අවස්ථාවේ කතා කිරීමේ තහනම. එය පිළිකුල් දෙයක් වැළැක්වීමෙන් හෝ සලාමයට ප්‍රතිචාර දැක්වීමෙන් හෝ කිවිසුම් ගිය අයට පිළිතුරු දීමෙන් හෝ විය හැක.
  • කිසිවෙකු ඉමාම් සමඟ කතා කරන්නේ නම් හෝ ඉමාම් කිසිවකු සමග කතා කරන්නේ නම් හෝ එය ව්‍යාතිරේකයකි. (එනම්, එයට අනුමත තිබේ)
  • දේශනා දෙක අතර අවශ්‍යතාවක් ඇති වූ විටෙක කතා කිරීමට අවසරය ඇත.
  • ඉමාම් දේශනාවක් සිදු කරමින් සිටිය දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නාමය සිහිපත් කරනු ලබන විටෙක, එතුමාණන් කෙරෙහි සලවාත් හා සලාම් රහසිගතව පැවසිය යුතුය. ප්‍රාර්ථනාවට ආමීන් පැවසීම ද එලෙසම විය යුතුය.