ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වරක් අෂජ්ජි අබ්දුල් කයිස් බලා "නියත වශයෙන්ම ඔබ තුළ අල්ලාහ් ප්‍රිය කරන සත් ගුණාංග දෙකක් ඇත. එනම්: තීක්ෂන බුද්ධිය හා ඉවසීමය." යැයි පැවසුහ. صحيح - رواه مسلم
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අබ්දුල් කයිස් ගෝත්‍රයේ නායකයා වූ මුන්දිර් ඉබ්නු ආඉද් අෂජ්ජි තුමාට මෙසේ පැවසූහ: "නියතවශයෙන්ම ඔබ තුළ අල්ලාහ් ප්‍රිය කරන සත් ගුණාංග දෙකක් ඇත. ඒ දෙක නම්: තීක්ෂන බුද්ධිය හා ඉක්මන් නොවන සත්‍යාපනය හා ගාම්භීරත්වය."

explain-icon

හදීසයේ හරය

  • බුද්ධියෙන් හා ඉවසීමෙන් හැසිරීමට උනන්දු කිරීම.
  • කරුණු සත්‍යාපනය කිරීමට සහ ප්‍රතිවිපාක සලකා බැලීමට දිරිමත් කිරීම.
  • බුද්ධිය හා ඉවසීම යනු ප්‍රශංසනීය ගුණාංග අතරිනි.
  • සර්වබලධාරි අල්ලාහ් මිනිසා තුළ නිර්මාණය කර ඇති යහපත් සදාචාරය සඳහා ඔහුට ප්‍රශංසා කිරීම.
  • අල්-අෂජ් යනු මුහුණේ, හිසෙහි හෝ නළලෙහි තුවාල ලැබූ අයෙකි.