අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගෙන ආ නියෝගයක්, තහනම් නියෝගයක් මෙන්ම වෙනත් කවර හෝ කරුණක් පිළිපැදීම පුද්ගලයකුට වඩාත් ප්‍රිය ජනක කටයුත්තක් වන තෙක් ඔහු සම්පූර්ණයෙන්ම විශ්වාසය සහිත කෙනෙකු වන්නේ නැති බව එතුමාණෝ පැහැදිළි කළහ. එබැවින් එතුමාණන් කවර කරුණක් නියෝග කළේ ද එයට ප්‍රිය කළ යුතු අතර කවර කරුණක් තහනම් කළේ ද එය පිළිකුල් කළ යුතුය.