ඉස්රාඊල් දරුවන් වනාහි, නබිවරු විසින් ඔවුන් පාලනය කරනු ලැබූ බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. පාලකයින් හා නායකියන් පාලනය කරන්නාක් මෙන් නබිවරු ඔවුන්ගේ කටයුතු භාරගෙන කටයුතු කළහ. ඔවුන් අතර දූෂණ මතුවන සෑම කලකම ඔවුන්ගේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහාත් ඔවුන් විසින් වෙනස් කරන ලද නීති ඉවත් කිරීම සඳහාත් අල්ලාහ් ඔවුන් වෙත නබිවරයකු එවීය. සැබැවින්ම මට පසුව ඔවුන් සිදුකරමින් සිටි දෑ ක්‍රියාත්මක කරන කිසිදු නබිවරයකු නැත. මගෙන් පසුව කුලෆාවරු (පාලකයෝ) වෙති. ඔවුන් වැඩිවී, ඔවුන් අතර මත ගැටුම් හා ඒකඟ නොවීම් ඇති. එවිට සහගාමීහු අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "එසේ නම් ඔබ අපට නියෝග කර සිටිනුයේ කුමක්දැ?"යි ඔවුහු විමසා සිටියෝය. එවිට එතුමාණෝ: “පාලකයකුගෙන් පසු පාලකයෙක් දිවුරුම් දෙනු ලැබූ විටෙක පළමු ගිවිසුම වලංගු වන අතර එය ඉටු කළ යුතු වේ. දෙවැන්න අවලංගු වන අතර එය ඉල්ලා සිටීම තහනම්ය. ඔවුන්ගේ අයිතීන් ඔවුනට පිරිනමන්න. ඔවුනට අවනත වන්න. පාපකාරී කටයුතුවල හැර සෙසු යහපත් කටයුතුවල දී ඔවුනට සවන් දෙමින් හා ඔවුනට අවනත වෙමින් ඔවුන් සමග ඇසුරු කරන්න. ඔවුන් නුඹලාට කළ දෑ පිළිබඳ අල්ලාහ් ඔවුන්ගෙන් විමසනු ඇත. ඔවුන්ගෙන් ප්‍රශ්න කරනු ඇත."