දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ නායකයකු වූ උමර් (රළියල්ලාහු අන්හු) තුමා එක්තරා සභාවක සිටියහ. ඔහු අබියස සහාබාවරුන් පිරිසක් ද විය. එවිට එතුමා ඔවුන්ගෙන්: "අර්බුදය ගැන අල්ලාහ්ගේ දූතයාණන් මෙනෙහි කරමින් සිටි ප්‍රකාශයකට ඔබ අතරින් කිසිවකු හෝ සවන් දී ඇත්තේ ද?" විමසා සිටියහ. එවිට ඔවුන් අතරින් පිරිසක්: 'එයට අපි සවන් දී ඇත්තෙමු' යැයි පැවසුවෝය. එවිට උමර් (රළියල්ලාහු අන්හු) තුමා: "මිනිසෙකු තම පවුල දරුවන් අතර ඔවුන් කෙරෙහි දක්වන ආදරය, බිය, අධික යහපත කිරීමෙන් හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් ඉටු කිරීම, ඔවුනට නිවැරදි දෑ කියා දීම, ඔවුනට ඉගැන්වීම යනාදී වගකීම් අතතපසු කිරීමෙන් හට ගන්නා කාර්යබහුලතාවය යනාදී පරීක්ෂණ හා අර්බුද ඔබලා අදහස් කරනවා විය හැක. එමෙන්ම මිනිසකු තම අසල්වැසියා සම්බන්ධයෙන් හෝ එවැනි අය සම්බන්ධයෙන් හට ගන්නා අර්බුද ඔබලා අදහස් කරනවා විය හැක." යැයි පැවසුහ. ඔවුහු, "එසේය" යැයි පිළිතුරු දුන්නෝය. එතුමා, "ඒවා විනිශ්චයට නියම වන අර්බුද වෙති. ඒ අතරින් සලාතය උපවාසය හා දානය වැනි යහපත් ක්‍රියාවන් ඒ සඳහා ප්‍රතිකර්මයක් වන ඇතැම් පාපයන් ද වෙති."යැයි කීහ. "නමුත් මුහුදු රළ පෙරළෙනවාක් මෙන් මිනිසුන් බලපෑමට ලක්වන පරිදි බොහෝ සෙයින් පැතිර පවතින බලවත් කම නිසාවෙන් පොදුවේ හට ගැනෙන අර්බුද ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට ඔබ අතරින් කිසිවකු හෝ සවන් දී තිබේ ද?" යැයි එතුමා විමසීය. පිරිස නිහඬ විය. හුදෙයිෆා ඉබ්නු අල්-යමාන් (රළියල්ලාහු අන්හු) තුමා: "මම (අසා ඇත්තෙමි)' යැයි පැවසීය. එවිට උමර් (රළියල්ලාහු අන්හු) තුමා සතුටට පත්වී ඔහුට: "ඔබව ගෙන ආ පරිදිම ඔබේ පියාගේ මාර්ගය අල්ලාහ්ට කැප වේවා! ඔබ ඒ ගැන කියනු" යැයි පැවසූහ. හුදෙයිෆා තුමා මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ:" "පන් පැදුරක් සහිත ඇඳක් මත නිදා සිටින පුද්ගලයකු පැත්තට ඇලී සිටින්නාක් මෙන්, කෙනෙකුට පරීක්ෂාවන් හා අර්බුද ඇති වී ඔහුගේ හදවතේ පැත්තක ඇලී පවතී. මෙම පරීක්ෂණ හා අර්බුද නොකඩවා ඇති වන අතර එකින් පසු තවෙකක් පැමිණෙනු ඇත. කවර හදවතක් තුළට එය පිවිස එයට බොහෝ සෙයින් ඇලුම් කොට, මත් පැනට ඇබ්බැහි වූවාක් මෙන් එහි ඇබ්බැහි වී ඒ තුළට වැටෙන්නේ ද ඔහුගේ හදවත තුළ කළු පැල්ලමක් වැටෙනු ඇත. කවර හදවතක් එය හෙළා දකින්නේ ද එහි සුඳු පැල්ලමක් වැටෙනු ඇත. අවසානයේ එය හදවත් දෙකක් බවට පත්වෙයි. දේව විශ්වාසයේ ගිවිසුම දැඩියෙන් පිළිපැදීම නිසාවෙන් හා අඩුපාඩුවලින් තොර වූ නිසාවෙන් සුදු පැල්ලම සහිත හදවත පිහිටනු ඇත. කිසිවක් නොබැඳුණු කිරි ගරුඩ ගලක් මෙන් එහි කිසිදු අර්බුදයක් හෝ පරීක්ෂණයක් නොඇලෙනු ඇත. බලපෑමක් නොකරනු ඇත. අල්ලාහ්ව හමුවන තෙක්ම කිසිදු අර්බුදයක් ඔහුට හානියක් සිදු නොකරනු ඇත." "අනෙක් හදවත ජලය නොපිහිටන සේ ඇළවී පවතින හෝ පෙරළී පවතින්නාක් මෙන් අර්බුද හේතුවෙන් කළු පැහැ ගැන්වි කැළඹුණු හදවතකි. එමෙන්ම මෙම හදවත කිසිදු යහපක් සමග හෝ ප්‍රඥාවක් සමග හෝ බැඳී නොපවතී. කිසිදු යහපතක් එය නො හඳුනන අතර පිළිකුල් සහගත දෑ ප්‍රතික්ෂේප නො කරයි. නමුත් එය තම ආශාවෙන් පිරී පවතී." හුදෙයිෆා තුමා උමර් තුමාට මෙසේ පැවසීය: "සැබැවින්ම මෙම අර්බුද අතරින් කිසිවක් ඔබේ ජීවිතය තුළින් බැහැර වන්නේ නැත. ඔබ අතර හා ඒ අතර කැඩෙන්නට බලන වැසුනු දොරටුවක් ඇත." උමර් තුමා මෙසේ පැවසීය: "එය කැඩෙනු ඇත් ද? සැබැවින්ම එය විවෘත කරනු ලැබුවේ නම්, නැවත ඒ වෙත හැරී එන්නට බලයි. එබැවින් එය වැසී තිබිය යුතුයි." කුදෙයිෆා තුමා මෙසේ පවසයි. "නැත, එය කැඩී යනු ඇත. සැබැවින්ම එම දොරටුව යනු ඝාතනය කරනු ලබන හෝ මිය යන මිනිසෙකි." සඳහන් කරන ලද කරුණ, සහතික කරන ලද සත්‍යය තොරතුරකි. එය ලේකකයින්ගේ ග්‍රන්ථ අතර නොවීය. කිසිදු චින්තනවාදියෙකුගේ උත්සාහයක් ද නොවීය. මෙය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ හදීසයකි.