නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කර සිටියහ: (සලාතය සඳහා වන) ඇරයුමෙහි හා පළමු පේළියේ පවතින දෑ මහිමය, ශ්‍රේෂ්ඨත්වය හා සමෘද්ධිය මිනිසුන් දැනගෙන සිටියා නම්, පසුව ඒ සඳහා ප්‍රමුඛත්වය ගැනීමට හා පෙරට වීමට සුදුසුකම් ඇති උදවිය තෝරා ගැනීමේ දී කුසපත් ඇදීම මිස වෙනත් ක්‍රමයක් නොවී නම්, ඒ සඳහා ඔවුන් කුසපත් අදිනු ඇත. සලාතය සඳහා එය ආරම්භ වේලාවේ වේලාසනින් යෑමේ පවතින මහිමය ඔවුන් දැනගෙන සිටියා නම්, ඒ සඳහා ඔවුන් තරඟ වදිනු ඇත. රාත්‍රී ඉෂා සලාතයට හා උදෑසන සුබ්හු සලාතයට පැමිණීමෙහි ඇති කුසල්හි ප්‍රමාණය ඔවුන් දැනගෙන සිටියා නම්, ඒ දෙක වෙත ළදරුවකු දණ ගසා පැමිණෙන්නාක් මෙන් බඩගාමින් හෝ ඔවුන් පැමිණෙනු ඇත.