අබූ ජුහෙයිම් ඉබ්නු අල් - හාරිස් ඉබ්නු අස්-සිම්මතිල් අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.“සලාතය ඉටු කරන්නා ඉදිරියේ හරහට ගමන් කරන්නා තමන් ට අත්වන පාපය කුමක් දැ?යි දැන ගන්නේ නම් එසේ ඉදිරියේ හරහ ට ගමන් කරනවා ට වඩා රැඳී සිටිම ඔහුට හතළිස් වාරයක් යහපත් වනු ඇත. එය දින හතළියක් ද නැතහොත් මාස හතළියක් ද නැතහොත් අවුරුදු හතළියක් ද යන්න මම නොදනිමි යැයි අබූ නළ්ර් තුමා පවසයි. පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

සලාතය ඉටු කරන්නා තම පරමාධිපති ඉදිරියේ සිට ඔහු සමග කතා කරයි. ඔහුට කණ්ණලව් කරයි. එම තත්ත්වයේ එම කතාවට බාධාකරන අයුරින් හා ඔහුගේ නැමදුම කඩාකප්පල් කරන අයුරින් යම් කෙනෙකු හරහට ගමන් කළේ නම්, එසේ සලාතය ඉටු කරන්නාගේ හරහට ගමන් කිරීම හේතුවෙන් මහා පාපයට ඔහු ලක්වනු ඇත. එහෙයින් ආගමානුගත කළ අය දන්වා සිටිනුයේ එසේ හරහට ගමන් කිරීමේ වරද හා පාපය ගැන දන්නේ නම්, එසේ සලාතය ඉටු කරන්නා අතර හරහට ගමන් කිරීමෙන් ඔහු වැළකී ඉන් දුරස් වී දිගු වේලාවක් එම ස්ථානයේ රැඳී සිටීම උතුම් වන බවයි.

explain-icon

අමතර