තමන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත පැමිණි බනු අල්-මුන්තෆික් දූත කණ්ඩායමේ ආගන්තුකයකු බව ලකීත් ඉබ්නු සබ්රා (රළියල්ලාහු අන්හු) තුමා දන්වා මෙසේ පවසා සිටියේය: "නමුත් අපි අපි එතුමාණන්ව එතුමාණන්ගේ නිවසේ හමු නො වූයෙමු. විශ්වාසීන්ගේ මෑණියක වන ‘අඉෂා’ තුමියව අපි හමු වූයෙමු. ඇය අප වෙනුවෙන් පිටි සහ මේදයෙන් යුත් කැද වර්ගයක් පිළියෙළ කර දෙන මෙන් නියෝග කළා ය. පසුව අප වෙත රටඉඳි අඩංගු තැටියක් පිළිගන්වන ලදී. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැමිණ: “ඔබ වෙත සංග්‍රහයක් පිළිගන්වනු ලැබුවේ ද?" යැයි විමසූහ. අපි: “එසේය, අල්ලාහ්ගේ දූතයාණනි,” යැයි පැවසුවෙමු. ලකීත් තුමා තවදුරටත් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටිය දී, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ එළුවන් බලා කියා ගන්නා එඬේරෙකු තම බැටළු රැළ ඔවුන්ගේ ගාලට රැගෙන යමින් සිටියේය. ඔහු සමඟ අලුත උපන් බැටළු පැටවෙකු කෑ ගසමින් විය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔහුගෙන්: 'මේ කුමන පැටවෙක් ද?' යැයි විමසූහ." ඌ ගැහැණු පැටවෙකැයි ඔහු පිළිතුරු දුන්නේය. එතුමාණෝ: “ඌ වෙනුවට බැටළුවෙකු අප වෙනුවෙන් කපා හරින්න” යැයි පවසා එතුමාණෝ තවදුරටත්: "ඔබ වෙනුවෙන් ඌ කපා හරින බව ඔබ නොසිතිය යුතුය. අපට බැටළුවන් සිය දෙනෙක් සිටිති, උන්ගේ සංඛ්‍යාව වැඩිවීම අප ප්‍රිය කරන්නේ නැත. ඒ නිසා, බැටළුවෙක් ඉපදුන විට, අපි ඌ වෙනුවට බැටළුවෙක් කපා හරින්නෙමු." යැයි පැවසූහ. ලකීත් තුමා මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මාගේ බිරිඳ වනාහි, ඇයට ඇත්තේ අසභ්‍ය වදන් කතා කරන දිගු දිවකි. ඇය සමග මා කටයුතු කළ යුත්තේ කෙසේ ද?" එතුමාණෝ මෙසේ පැවසූහ: "එසේනම් ඔබ ඇයව දික්කසාද කරන්න." මම: "අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම ඇය සමග බොහෝ කලක් තිස්සේ මහත් බැඳීමක් ඇත. ඇයගෙන් මට දරු පරපුරක්ද සිටියි.' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "එසේනම් ඔබ ඇයට උපදෙස් දෙන්න. ඇය තුළ යහපත්කමක් තිබේ නම්, ඔබේ උපදෙසට ඇය ප්‍රතිචාර දක්වනු ඇත. එසේ ඇය පිළිතුරු නොදෙන්නී නම්, ඔබ ඔබේ වහලියට පහර දෙන ආකාරයට නොව, ඔබේ බිරියට තුවාල නොවන අයුරින් පහරක් ගසන්න." යැයි පැවසූහ. පසුව ලකීත් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණෙනි! වුළූ (අර්ධ ස්නානය) ගැන යමක් මට කියා දෙන්න." එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "වුළූ ගන්නා අතරවාරයේ අදාළ අවයවයන් වෙත ජලය ලඟා කරවමින් විධිමත් ලෙස පූර්ණව වුළූ දෝවනය සිදු කරන්න. එහි අනිවාර්යය හෝ සුන්නාවන් කිසිවක් මඟ නොහරින්න. ඔබේ අත් හා පාද සෝදන අතරවාරයේ ඇඟිලි කරු ඈත් කර හොඳින් සෝදා හරින්න. ඔබේ නාස්පුඩු තුළට ජලය යවා සෝදා බැහැර කරන්න. නමුත් ඔබ උපවාසයේ නිරතව සිටින්නේ නම්, ඔබේ මුඛයට ජලය ළඟා නොකරන්නාක් මෙන්ම නාසයට ද ජලය ඇතුළත් නොකරන්න.