අස්වද් ඉබ්නු යසීද් තුමා මෙසේ පවසයි: නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් එතුමාණන්ගේ නිවසේ සිදු කරමින් සිටියේ කුමක් දැ?යි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසන ලදී. ඇය: එතුමා තම නිවසේ කටයුතුවල නිරතවන්නෙකු වූහ. -එනම් නිවැසියන්ට වැඩපල කර දුන්හ) නමුත් සලාතයේ වේලාව පැමිණි විට සලාතය සඳහා පිටත්ව ගියහ. صحيح - رواه البخاري
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ නිවසේ එතුමාණන්ගේ තත්ත්වය කෙසේ වී ද? එතුමාණන් කුමක් සිදු කරමින් සිටියේ ද? යැයි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසන ලදී. ඇය, "එතුමාණන් සෙසු මිනිසුන් මෙන් කටයුතු කරන්නෙකු වූහ. මිනිසුන් තම නිවෙස්වල සිදු කරන ක්‍රියාවන් එතුමාණෝ ද සිදු කළහ. තමන් වෙනුවෙන් මෙන්ම තම නිවැසියන් වෙනුවෙන් ද වැඩපල කර දුන්හ. එතුමාණන් එළිච්චියගෙන් කිරි දෙවූහ. ඇඳුම් මසා ගත්හ, පාවහන් අළුත් වැඩියා කර ගත්හ. බඳුන් අලුත් වැඩියා කර ගත්හ. නමුත් සලාතය ඉටු කරන වේලාව පැමිණි විට, එතුමාණෝ ප්‍රමාද කිරීමකින් තොරව ඒ සඳහා පිටත්ව ගියහ." යැයි පැවසීය.

explain-icon

හදීසයේ හරය

  • නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නිහතමානීකමේ පරිපූර්ණත්වය හා තම නිවැසියන්ට උපකාර කිරීම.
  • ලෞකික කටයුතු ගැත්තාව සලාතයෙන් වෙනතකට යොමු නොකළ යුතුය.
  • නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතයේ ආරම්භ වේලාවේම එය ඉටු කිරීමට වගබලාගෙන ඇත.
  • ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: "මෙහි නිහතමානිකම, අහංකාර නොවීම, මිනිසා තම නිවැසියන්ට වැඩ කර දීම යනාදී කරුණු පිළිබඳ උනන්දු කර ඇත".