උමය්මා බින්ත් රුකෙයිකා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. එතුමිය මෙසේ පවසා සිටියාය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට ප්‍රතිඥා දෙනු පිණිස මම අන්සාරි කාන්තාවන් සමග පැමිණියෙමි. පසුව අපි: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අල්ලාහ්ට කිසිවක් අපි හවුල් නොකරන බවටත්, සොරකම් නොකරන බවටත්, කාමයේ වරදවා නො හැසිරෙන බවටත්, අපගේ අත් හා අපගේ පාද අතර අපි යමක් ගොතා බොරු සාක්ෂි නොගෙනන බවටත් යහපත් කටයුත්තක දී අපි ඔබට පිටු නොපාන බවටත් අපි ඔබට ප්‍රතිඥා දෙන්නෙමු." යැයි පැවසුවෙමු. එතුමාණෝ: "එය ඔබට හැකි හා පුළුවන් කටයුතුවල දී" යැයි පැවසූහ. ඇය: "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අප කෙරෙහි වඩාත් කාරුණිකය. අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එන්න, අපි ඔබට ප්‍රතිඥා දෙන්නම්" යැයි පැවසුවෙමු. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: "සැබැවින්ම මම කාන්තාවන්ට අතට අත නොදෙමි. කාන්තාවන් සිය දෙනෙකු සඳහා වන මාගේ ප්‍රකාශය එක් කාන්තාවක් සඳහා වන මාගේ ප්‍රකාශය මෙනි." යැයි පැවසූහ. صحيح - رواه الترمذي والنسائي وابن ماجه
explain-icon

විවරණය

උමයිමා බින්ත් රුකය්යා තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම ඇය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියා ය. ඇය සමග අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන බවටත්, සොරකම් නොකරන බවටත්, කාමයේ වරදවා නොහැසිරෙන බවටත්, තමන් අතර තම අත්පා වලින් තොකරන ලද බොරු සාක්ෂි ඉදිරිපත් නොකරන බවටත්, යහපත් කටයුතුවල දි එතුමාණන්ට විරුද්ධ නොවන බවටත් ප්‍රතිඥා දුන් කාන්තාවන් පිරිසක් ද වූහ. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "ඔබට හැකි හා පුළුවන් කටයුතුවල දී." අපි මෙසේ පැවසුවෙමු. "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අපට වඩාත් කාරුණිකය. අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එන්න. පිරිමින් සිදු කරන්නාක් මෙන් අපි ද අතට අත දී ඔබට ප්‍රතිඥා දෙන්නෙමු." එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ: "සැබැවින්ම මම කාන්තාවන්ට අතට අත නොදෙමි. සැබැවින්ම කාන්තාවන් සිය දෙනෙක් වෙනුවෙන් වූ මාගේ ප්‍රකාශය හා මාගේ ප්‍රතිඥාව එක් කාන්තාවක් වෙනුවෙන් වූ මාගේ ප්‍රකාශය මෙනි."

explain-icon

හදීසයේ හරය

  • නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ කාන්තාවන් සමග ප්‍රතිඥා දුන් ආකාරය පැහැදිලි කිරීම.
  • මහ්රම් නොවන පිටස්තර කාන්තාවන්ට අතට අත දීම තහනම් කරන ලද්දකි.
  • ෂරීආ නොහොත් ආගමික වගකීම් රැඳෙනුයේ හැකියාව හා ධාරිතාව මත ය.