බරීරා -රළියල්ලාහු අන්හා- තුමියගේ සැමියා වහලෙකු විය. ඔහු නමින් මුගීස් -රළියල්ලාහු අන්හු- යැයි අමතනු ලැබීය. බරීරා -රළියල්ලාහු අන්හා- තුමියව මිලට ගැනීමට පෙර ඇය ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමියට සේවය කරමින් සිටියාය. ඇයව එතුමිය විසින් නිදහස් කළ කල්හි මුගීස් සමග රැඳී සිටීමට හෝ වෙන්වීමට හෝ නිදහස ඇයට පිරිනමන ලදී. එවිට බරීරා -රළියල්ලාහු අන්හා- තුමිය ඔහුගෙන් වෙන් වූවාය. පවුල් සම්බන්ධතාව බිඳී යාමෙන් පසු මුගීස් මදීනාවෙහි වීදිවලත් මාර්ගවල්වලත් ඇය පසු පසින් කැරකෙමින් අඩමින් සිටියේය. ඔහුගේ කඳුළු යටි රැවුල තුලින් ගලා යන්නට විය. එය බරීරා -රළියල්ලාහු අන්හා- තුමිය සම්බන්ධයෙන් වූ දැඩි ආදරය නිසාවෙනි. ඔවුන් දෙදෙනා නැවත එකතු වීම ගැනත් ඇය ඔහු වෙත නැවත පැමිණීම ගැනත් ඔහු ඇයට පැහැදිළි කළේය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා බරීරා -රළියල්ලාහු අන්හා- දෙස බලා ඔබ ඔහු වෙත නැවත යන්නේ නම් ඔබට කුසල් හිමිවනු ඇතැයි පැවසූහ. එවිට බරීරා -රළියල්ලාහු අන්හා- තුමිය අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු වෙත නැවත යෑම ගැන අනිවාර්යයෙන්ම ඔබ මට අණ කරන්නෙහිදැ?යි විමසා සිටියාය. එවිට -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මම ඔහු වෙනුවෙන් මැදිහත්වී කටයුතු කරනවා පමණි යැයි පැවසූහ. එවිට ඇය: ඔහු වෙත නැවත යාමට කිසිදු හේතුවක් හෝ ආශාවක් හෝ මට නැතැයි පවසා සිටියාය.