දිර් ඉබ්නු හුබෙයිෂ් තුමා සෆ්වාන් ඉබ්නු අස්සාල් අල්-මුරාදී රළියල්ලාහු තුමා වෙත පැමිණ පා උර දෙක මත පිරිමැදීම ගැන ඔහුගෙන් විමසා සිටියේය. එවිට සෆ්වාන් තුමා 'අහෝ දිර්, ඔබට කුමක් පහළ වී ද?' යැයි විමසීය. එවිට ඔහු '(මෙය) දැනුම සඳහා ඇති ආශාව’ යැයි දර් පැවසුවේය. එවිට ඔහු: 'නියතවශයෙන්ම, මලක්වරු දැනුම සොයන ශිෂ්‍යාට පියාපත් පහත් කරනු ඇත. එය ඔහු සොයන දෑට ගරු කිරීමක් හා ප්‍රිය කිරීමක් ලෙසිනි' යැයි පැවසීය. එවිට දිර් තුමා 'ඇත්ත වශයෙන්ම මලපහ කිරීමෙන් හා මුත්‍රා කිරීමෙන් පසු පා උර මත පිස දැමීම සම්බන්ධයෙන් මගේ සිත තුළ යම් සැකයක් ඇත. ඔබ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහචරයින් අතුරින් කෙනෙකි. එබැවින්, මම ඔබ වෙත පැමිණියේ එතුමාණන් ඒ ගැන කුමක් පවසා ඇත්තේ දැයි අසා දැන ගැනීමටය.' යැයි පැවසීය. සෆ්වාන් තුමා මෙසේ පැවසීය: 'එසේය. අපි මගීන් ලෙස සිටිය දී මළ පහ කිරීම, මූත්‍රා කිරීම හා නිදා ගැනීම වැනි සුළු කිලිටි තත්ත්වයක් උදා වුව ද දින තුනක් හා රාත්‍රී තුනක් අපගේ පා උරවල් ගලවා නො දමන මෙන් අපට අණ කළහ. නමුත් ජනාබත් හෙවත් ස්නානය අනිවාර්යය කරන තත්ත්වයක දී එවිට එය ගැලවා දැමිය යුතුය.' යැයි කීහ. නැවත මම 'ආදරය ගැන යමක් එතුමාණන් පවසනවා ඔබ අසා තිබේ ද?' යැයි විමසුවෙමි. ඔහු: 'එසේය අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග ගමනක නිරතව සිටියෙමු. එතුමාණන් සමග අපි එසේ සිටියදී, ගැමි අරාබිවරයකු මහා හඬින් එතුමාණන්ව අමතා අහෝ මුහම්මද්! යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහුගේ හඬට සමීප උස් හඬකින් ඔහු අමතා 'එන්න' යැයි පිළිතුරු දුන්හ. එවිට අපි ඔහුට: ඔබට විනාශය වේවා! ඔබේ හඬ පහත් කරන්න. ඔබ සිටිනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ බව දැනගන්න. එතුමාණන් ඉදිරියේ උස් හඬින් කතා කිරීම ඔබට තහනම් කර ඇත.' යැයි පැවසුවෙමු. ඔහු රළු හඬින්: ‘අල්ලාහ් මත දිවුරමින්, මම (මගේ) හඬ පහත් නොකරමි’ යැයි පැවසීය. එම ගැමි අරාබිවරයා තවදුරටත්: ‘අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මිනිසෙකු දැහැමි ජනතාවකට ආදරය කරයි. නමුත් ඔවුන්ගේ කටයුතු මෙන් ඔහු ක්‍රියා නොකරයි. එතුමාණෝ: "මිනිසෙකු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී තමා ආදරය කරන අය සමඟ සිටී" යැයි පැවසූහ. දිර් තුමා: 'අසරුවෙකුට එහි පළල හරහා අවුරුදු හතළිහක් හෝ හැත්තෑවක් ගමන් කළ හැකි, බටහිරින් හිරු නැඟෙන තුරු එය වසා නොදැමන පාපක්ෂමාව සඳහා අල්ලාහ් අහස සහ මහපොළොව මැවූ දිනයේ සිරියාව දෙසින් නිර්මාණය කළ දොරටුවවක් ගැන සෆ්වාන් තුමා අපට සඳහන් කරමින්ම සිටියේය.'