සැබැවින්ම තමන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමග සිටි බවත්, එතුමාණන්ට මූත්‍රා කිරීමට අවශ්‍ය වී එතුමාණෝ පිරිසකගේ කසල දමන ස්ථානයකට පිටව ගිය බවත් - එය කසල මෙන්ම නිවසේ අතුගා දමන වැඩි රොඩු දමන ස්ථානයකි - එහි එතුමාණෝ සිටගෙනම මූත්‍රා කළ බවත් දන්වා සිටියේය. බොහෝ වේලාවට එතුමාණන්ගේ සිරිත වාඩි වී මූත්‍රා කිරීම ය. එවිට හුදෙයිෆා තුමා එතුමාණන්ගෙන් වෙන්ව ඈතට යන්නට බැලුවේය. එවිට එතුමාණෝ සමීපයට එන මෙන් ඔහුට පවසා සිටි අතර එතුමාණන්ගේ පිටුපසින් එතුමාණන්ගේ දෙපා පිටුපසෙහි සිටගන්නා තරමට හෙතෙම සමීප විය. එසේ සිදු කළේ එම තත්ත්වයේ එතුමාණන් දෙස අනෙක් අයගේ නෙත් යොමු නොවනු වස් ඔහු තමට තිරයක් සේ සිටිනු පිණිසය. පසු ව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ වුළු ගත්හ. එතුමාණන් දෙපා සෝදන අවස්ථාවේ තම සපත්තු උර දෙක මත පිරි මැදීමෙන් එය ප්‍රමාණවත් කර ගත්හ. ඒ දෙක දෙපා ආවරණය වන සේ පැළද සිටි සිනිදු හමින් නිෂ්පාදන කරනු ලැබූ සපත්තු උර දෙකක් විය. එතුමාණේ ඒ දෙක ගැලවූයේ නැත.