අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අල් කුර්ආනයේ ආරම්භය (සූරා අල් ෆාතිහා) පාරායනා නොකළේ ද ඔහුට සලාතය වලංගු වන්නේ නැත.” صحيح - متفق عليه
explain-icon

විවරණය

සූරා අල්-ෆාතිහා පාරායනය කිරීමෙන් තොරව සලාතය වලංගු නොවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එය සෑම රකඅතයකම කළ යුතු 'රුක්න්' හෙවත් සලාතයේ මූලිකාංගයකි.

explain-icon

හදීසයේ හරය

  • සූරා අල්-ෆාතිහාව කියවීමට හැකියාව තිබිය දී එය වෙනුවට වෙනත් සූරාවක් පාරායනය කිරීම අනුමත වන්නේ නැත.
  • සූරා අල්ෆාතිහා සලාතයේ එක් මූලිකංගයක් වන බැවින් උවමනාවෙන් හෝ නොදැනුවත්ව හෝ අමතක වීමෙන් හෝ එය පාරායනය කරනු නොලබන්නේ නම් එම රකආතය අවලංගුය. රුක්න් හෙවත් මූලිකාංග පොදුවේ අත්හැරිය නොහැක.
  • ඉමාම් රුකූඃ ඉරියව්වට ළඟා වූ විට සූරා අල්-ෆාතිහා පාරායනය මඃමූම්ගෙන් මඟ හැරෙනු ඇත.