නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. “කවරෙකු ගිවිසගත් අයකු මරා දැමුවේ ද ඔහු ස්වර්ගයේ ගන්ධය ආග්‍රාණය නොකරන්නේමය. සැබැවින්ම එහි ගන්ධය වසර හතළිහක දුරකින් සොයා ගනු ඇත.” صحيح - رواه البخاري
explain-icon

විවරණය

දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් ඉවත්ව ගිවිසුමක් හා ආරක්ෂාවක් ඇතිව ඉස්ලාමයේ නිවහනට පිවිසුණු අයකු කවරෙකු විසින් මරා දමනු ලැබුවෙ ද ඔහු කිසිවිටෙක ස්වර්ගයේ ගන්ධය ආග්‍රාණය නොකරන බවත් එම ගන්ධය වසර හතළිහක් ගමන් කරන දුරින් පිහිටන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැඩිසේ අවවාද කරමින් පැහැදිලි කර සිටියි.

explain-icon

හදීසයේ හරය

  • ගිවිසගත් අයකු, ඉස්ලාමීය රාජ්‍යය තුළ වෙසෙන මුස්ලිම් නොවන අයකු, දෙවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් ආරක්ෂාව පතමින් පැමිණි අයකු යන අය ඝාතනය කිරීමේ තහනම. සැබැවින්ම එය මහා පාපයකි.
  • ගිවිසගත් අය යනු: තම ප්‍රදේශයේ පදිංචි වීමටත් මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් නොකරන බවටත් ඔවුන් ද ඔහුට එරෙහිව සටන් නොකරන බවටත් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් ගිවිසුමක් ලබා ගත් තැනැත්තාය. දිම්මී යනු: මුස්ලිම්වරුන්ගේ නිවහන තුළ වාසය කර බදු ගෙවන තැනැත්තාය. මුස්තඃමින් යනු නියමිත කාලයකට ආරක්ෂාවක් හා ගිවිසුමක් ඇතිව මුස්ලිම්වරුන්ගේ නිවහනට පිවිසුනු තැනැත්තාය.
  • මුස්ලිම් නොවන අය සමග ඇති කර ගත් ගිවිසුම් කඩ කිරීම ගැන අවවාදය.
explain-icon

අමතර