අල්ලාහ්ගේ දූතයාණන්ගේ මුනුපුරා වන, අබූ මුහම්මද් අල්-හසන් ඉබ්නු අලී ඉබ්නු අබී තාලිබ් විසින් වාර්තා කරණ ලදී. "මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මෙසේ පාඩම් ලැබුවෙමි." "ඔබට සැකය ඇති කරන දෑ ඔබට සැකය දුරු කරන දෑ වෙත අත්හැර දමන්න." صحيح - رواه الترمذي والنسائي
explain-icon

විවරණය

යමක් තහනම් කරනු ලැබූවක් ද එසේ නොවන්නක් ද? එය හරාම් ද අනුමත ද යනාදී සැකයට තුඩු දෙන වචන හා ක්‍රියාවන් අත්හැර දමන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එනම් එය යහපත ය අනුමත ය යන ස්ථාවරත්වය ගොඩ නැගී සැකය දුරු වන තෙක්ම විය යුතුය.

explain-icon

හදීසයේ හරය

  • මුස්ලිම්වරයකු තම සියලු කරුණු නිශ්චිතභාවය මත ගොඩනගා ගත යුතු අතර, එහි සැකයට තුඩු දෙන දෑ අත්හැර දැමිය යුතුය. එමෙන්ම ඔහුගේ දහම විෂයයෙහි ඔහු පැහැදිලි සාධක මත සිටිය යුතු ය.
  • සැක සහිත කරුණුවල වැටීමෙන් වැළකී සිටිය යුතුය.
  • ඔබ සැනසුම හා සහනය පතන්නේ නම් ඔබ තුළ ඇති වන සැක සහිත දෑ අත්හැර දමන්න. එය අහකට ඉවත් කරන්න.
  • අල්ලාහ් තම ගැත්තන් හට දක්වන ඔහුගේ ආශිර්වාදය: එය කාංසාව සහ ව්‍යාකූලත්වය ඇති කරන දැයින් ඔවුන් වළක්වා, මනස හා ආත්මය සනසාලන දෑ ඔහු ඔවුනට නියෝග කිරීමෙනි.