“බරපතළ පාපය කුමක්දැ?යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එවිට එතුමා: බරපතලම පාපය 'ෂිර්කුල් අක්බර්' නම් මහා ෂිර්ක් ය. එනම් අල්ලහ්ගේ දේවත්වය ඔහුගේ පරිපාලනය හා ඔහුගේ නාම හා ගුණාංගවල දී ඔහුට ආදේශයක් හෝ සමානයක් නියම කර ගැනීමය. මෙය තව්බා හෙවත් පශ්චාත්තාප වී සමාව අයැදීමෙන් මිස අල්ලාහ් සමාව නොදෙන පාපයකි. අදාළ තැනැත්තා ඒ තත්ත්වයේම මිය ගියේ නම්, ඔහු අපා ගින්නේ සදාතනිකයෙකු වන්නේය. පසුව තම දරුවා තමන් සමග වී අනුභව කරනු ඇතැයි බියෙන් ඔහුව මරා දැමීමය. ජීවිතයක් නැසීම තහනම් ය. එනමුත් එම පාපයේ බරපතලකම වනුයේ ඝාතනය කරනු ලබන තැනැත්තා ඝාතකයාගේ ඥාතියෙකු වීමය. තවදුරටත් එම පාපයේ බරපතල වනුයේ ඝාතකයා අල්ලාහ් සැපයූ පෝෂණයේ ඝාතනය කරනු ලබන්නා ද හවුල් වනු ඇතැයි බියෙන් හා අපේක්ෂාවෙන් ඔහූ ව ඝාතනය කරන විටය. පසුව තම අසල්වැසියාගේ බිරිය සමඟ අනාචාරයේ යෙදෙන තරමට, ඇය ඔහුට යටත් වන තරමට ඇයව රවටා, ඇය සමඟ කාමයේ වරදවා හැසිරීමය. 'සිනා' හෙවත් කාමයේ වරදවා හැසිරීම තහනම් ක්‍රියාවකි. එහි දී එම පාපය බරපතලම වනුයේ දුරාචාරයේ යෙදෙන්නා, යහපත සළසන මෙන් ද ඔහුට උපකාර කරන මෙන් ද ඔහු සමග යහපත් සම්බන්ධතාවක් පවත්වා ගන්නා මෙන් ද උපදෙස් දී ඇති තම අසල්වැසියාගේ බිරිය සමග දුරාචාරයේ යෙදෙන විටය.