'හදීස් අල් කුද්සි' හෙවත් දිව්‍ය කියමන් සහිත නබි වදනක සර්ව බලධාරී අල්ලාහ් මෙසේ පවසා ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඔහු මෙසේ පැවසීය. කවරෙකු මාගේ සමීපතයින් අතරින් සමීප අයෙකුට සතුරුකම් කරන්නේ ද, ඔහු සමග කෝප වී ක්‍රෝධ වන්නේ ද මම ඔහුට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත්තෙමි. මම ඔහුට ඒ ගැන දැනුම් දී ඇත්තෙමි. සමීපතයා යනු: දේවත්වය විශ්වාස කරන භක්තිමත් අයයි. ගැත්තකු සතු දේව විශ්වාසයේ හා භක්තියේ ප්‍රමාණයට අනුව අල්ලාහ්ගේ සමීපත්වයේ ඔහුගේ කොටස පිහිටනු ඇත. අවනත වී ක්‍රියා කරන මෙන් හා තහනම් කරන ලද දෑ මග හරින මෙන් අල්ලාහ් නියම කළ හා අනිවාර්ය කළ දෑට වඩා ඔහු වෙත සමීප වීමට ප්‍රිය මනාප වෙනත් කිසිවක් නැත. මුස්ලිම්වරයා අල්ලාහ්ගේ ආදරය හිමි කර ගන්නා තෙක් නියම කරන ලද දෑ සමග අතිරේක ක්‍රියාවන් ද සිදු කරමින් තම පරමාධිපති වෙත සමීප වෙමින් සිටියි. එසේ අල්ලාහ් ඔහුට ප්‍රිය කළ විට අවයව හතරක මඟ පෙන්වා ඔහුට උපකාර කරයි. ඔහුගේ ශ්‍රවණය තුළින් ඔහුට උපකාර කරයි. ඒ අනුව අල්ලාහ් ප්‍රිය කරන දෑ හැර වෙනත් කිසිවකට ඔහු සවන් දෙන්නේ නැත. ඔහු දකින ඔහුගේ බැල්ම තුළින් උපකාර කරයි. ඒ අනුව අල්ලාහ් බලන්නට ප්‍රිය කරන, තෘප්තියට පත්වන දෑ වෙත හැර වෙනත් කිසිවක් දෙස ඔහු බලන්නේ නැත. ඔහුගේ අතෙහි ඔහුට උපකාර කරයි. ඒ අනුව අල්ලාහ් සතුටු වන දෑ මිස වෙනත් කිසිවක් ඔහුගේ අතින් සිදු කරන්නේ නැත. තවද ඔහු ගමන් කරන ඔහුගේ පාදය තුළින් ද උපකාර කරයි. ඒ අනුව, අල්ලාහ් සතුටු වන දෑ වෙත මිස වෙනත් දෙයක් දෙසට ගමන් කරන්නේ නැත. යහපත ඇති දෑ වෙත මිස වෙනත් කිසිවක් වෙත පය තියන්නේ නැත. ඒ සමගම ඔහු අල්ලහ්ගෙන් යමක් ඉල්ලා සිටියේ නම්, සැබැවින්ම අල්ලාහ් එය ඔහුට පිරිනමනු ඇත. ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරක් බවට පත්වනු ඇත. අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඔහු වෙත යොමු වූයේ නම් සැබැවින්ම ශුද්ධ වූ අල්ලාහ් ඔහුට රැකවරණය දෙනු ඇත. ඔහු බියවන දැයින් ඔහුව මුදවාලනු ඇත.