අල් කුර්ආනය හදාරා, එය බලමින් හෝ කටපාඩමින් කියවීමට ඇල්ම දක්වන උදවිය ඔටුවකුගේ පාදය ලණුවකින් බැඳ දමා ඇති ඔටු හිමියෙකුට උපමා කළහ. ඔහු එසේ බැඳ තබන්නේ නම් ඔහු එය රඳවාගනු ඇත. උගේ පාලනය මුදා හැරියේ නම් ඌ පළා යනු ඇත. එලෙසම අල් කුර්ආනය සමග බැඳී කටයුතු කර එහි ඇති දෑ ඔහු කියවන්නේ ද එය ඔහුව මෙනෙහි කරනු ඇත. එසේ නොවූ විටෙක එය අමතක කර දමනු ඇත. එබැවින් අල් කුර්ආනය සමග වූ බැඳියාව පවතින කල්තාක් ආරක්ෂාව ද පවතිනු ඇත.