නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ට සමීප වීම සඳහා තම මස්ජිදය තුළ ඇති ගෝලාකාර හැඩයෙන් යුත් කුබ්බාව අසළ හුදකලාවේ රැඳී සිටියහ. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්, තම සහාබාවරුන් උස් හඬින් ශබ්ද නඟා අල්-කුර්ආනය පාරායනය කරන ආකාරයට සවන් දුන්හ. එය ඔවුන්ගෙන් ඇතැමෙකුට හිංසාකාරී විය. පසුව කුබ්බාවෙන් තිරය ඉවත් කර එම ක්‍රියාව කළ අයට දොස් නගා තරවටු කළහ. පසුව මෙසේ පැවසූහ: ඔබ සෑම කෙනෙකුම අල්-කුර්ආනය කියවමින් ඔබේ පරමාධිපති සමග කතා කරන්නෙහුය. එහෙයින් අල් කුර්ආනය පාරායනය කිරීමේ දී හෝ සලාතය ඉටු කිරීමේ දී ඔබ අතුරින් කෙනෙක් තවත් කෙනෙකුට හිංසාවක් ඇතිවන පරිදි කටයුතු නොකළ යුතු ය. තම හඬ උස් නොකළ යුතු ය.