නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: ‘අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් හුදා වත්තුකා වල්අෆාෆ වල් ගිනා’ (යා අල්ලාහ්! සැබැවින්ම මම ඔබෙන් මග පෙන්වීම, ශ්‍රද්ධාව, නිර්මලකම සහ පොහොසත්කම පතමි.) صحيح - رواه مسلم
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැතූ ප්‍රාර්ථනාවක් වනුයේ: "‘අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් හුදා" අහෝ දෙවිඳුනි, සත්‍යය හඳුනා ගෙන ඒ අනුව කටයුතු කිරීමේ නිවැරදි මාර්ගය සැබැවින්ම මම ඔබෙන් පතමි. "වත්තුකා" නියෝග පිළිපැදීමටත් තහනම් කරන ලද දැයින් වැළකී සිටීමටත්, "වල්අෆාෆ" ප්‍රකාශයෙන් හෝ ක්‍රියාවෙන් හෝ යහපත් නොවන හා අනුමත නොවන දැයින් වැළකී සිටීමටත් "වල් ගිනා" සර්වබලධාරී පමරාධිපතියාණන් ගෙන් හැර වෙනත් කිසිවකුගෙන් ඉල්ලා නොසිටින පරිදි මැවීම්වලින් ස්වාධීන වීමටත් මම ඔබෙන් ඉල්ලමි.

explain-icon

හදීසයේ හරය

  • යහමඟ, ශ්‍රද්ධාව, නිර්මලකම සහ පොහොසත්කම යන කරුණුවල ඇති යහපත හා ඒ අනුව හැඩගැසීමට උනන්දු කරවීම.
  • සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට පවා තමන් වෙනුවෙන් ය් ප්‍රයෝජනයක් සිදු කර ගැනීමට හෝ යම් හානියක් සිදු කර ගැනීමට හෝ අයිතියක් නොවී ය. ඒ සඳහා අයිතිය ඇත්තේ උත්තරීතර අල්ලාහ්ට පමණය.
  • මැවීම් සඳහා සෙත සැළසීම, හානි පමුණුවීම හා මඟපෙන්වීමේ හිමිකාරත්වය ඇත්තේ අල්ලාහ්ට පමණය. සමීප මලක්වරුන්ට හෝ එවන ලද වක්තෘවරුන්ට හෝ ඔවුන් හැර වෙනත් කිසිවකුට හෝ එහි අයිතිය නොමැත.
explain-icon

අමතර