"සැබැවින්ම ආදම්ගේ දරුවන්ගේ සියලු හදවත් මහාකරුණිකයාණන්ගේ ඇඟිලි අතර ඇඟිලි දෙකක් මධ්‍යයේ එක් හදවතක් මෙන් පවතී. ඔහු අභිමත කරන පරිදි එය ක්‍රියා කරවයි". යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඔහු අභිමත කළේ නම් එය සත්‍යය මත පිහිටුවාලයි. ඔහු අභිමත කළේ නම් සත්‍යයෙන් ලිස්සා යන්නට ඉඩ හරියි. සියලුම හදවත් ක්‍රියා කරවනුයේ එක් හදවතක් ක්‍රියා කරවන පරිදිය. අල්ලාහ්ගේ එක් කටයුත්තක් තවත් කටයුත්තක කාර්යබහුල නොකරයි. පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රාර්ථනා කළහ. "අල්ලාහුම්ම මුසර්රිෆුල් කුලූබ්" (අහෝ දෙවිඳුනි, විටෙක අවනතභාවය වෙත හා තවත් විටෙක පිටුපෑම වෙත ද තවත් විටෙක දෙවියන් සිහිපත් කිරීම වෙත හා ඒ ගැන නොසැලකිලිමත් කම වෙතද - හදවත් ක්‍රියාකරවන්නාණනි!) සර්රිෆ් කුලූබනා අලා තාඅතික (අපගේ හදවත් ඔබට අවනත වන අයුරින් ක්‍රියා කරවනු මැනව!)