නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමූද් වාසස්ථාන අතරින් ගමන් ගත් කල්හි අපරාධ සිදු කර, තමන්ටම අපරාධ සිදු කර ගත් ඒ හේතුවෙන් දඬුවමට ලක් වූ අයගේ වාසස්ථාන වෙත පිවිසීමෙන් වැළැක්වූහ. නමුත් ඔවුන් ගැන පාඩම් ලබා, හඬා වැළපෙන්නෙකු ලෙස පිවිසෙනවානම් මිස. එය ඔවුනට අත් වූ දඬුවම තමන්ට ද අත්විය හැකැයි යන බියෙනි. පසුව එතුමාණන් නැග ආ සත්වයාට මෙල්ල කර එය පසු කර යන තෙක් වේගයෙන් ගමන් ගත්හ.