අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “වේගවත් ගුවන් ගමනෙහි මා කැටුවාගෙන ගිය රාත්‍රියෙහි ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාව මම මුණ ගැසුණෙමි. එවිට එතුමා: අහෝ මුහම්මද්! ඔබේ සමූහයාට මා වෙතින් වූ සලාමය කියවා පෙන්වන්න. සැබැවින්ම ස්වර්ග උයන පිරිසිදු පසකි. ජලය ඉමිහිරිය. සැබැවින් එය විශාලය. සැබැවින්ම එහි පැළ කරනු ලබන්නේ ‘සුබ්හානල්ලාහ්’ (අල්ලාහ් අති පිවිතුරුය), ‘අල්හම්දු ලිල්ලාහ්’ (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය), ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත.), අල්ලාහු අක්බර් (අල්ලාහ් අති උත්කෘෂ්ටය.) යනාදියයි." යැයි පැවසුවේය. حسن بشواهده - رواه الترمذي
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. සැබැවින්ම එතුමාණන් වේගවත් ගුවන් ගමනෙහි නිරත වූ රාත්‍රියෙහි, "මා ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාව මුණ ගැසුණු විට එතුමා: 'අහෝ මුහම්මද්! ඔබේ සමූහයාට මාගේ සලාමය දන්වා සිටින්න. සැබැවින්ම ස්වර්ග උයන පිරිසිදු පසකින් යුක්තය. ජලය ලුණු මිශ්‍ර නොවූ ඉමිහිරිය. සැබැවින් ස්වර්ග උයන ගස්වලින් තොර තැනිතලාවකි. එහි පැළ කරනු ලබන්නේ යහපත් වදන්ය. ඒවා බාකියාතුල් සාලිහාත් හෙවත් සදා පවතින දැහැමි දෑ වේ. එනම්: ‘සුබ්හානල්ලාහ්’ (අල්ලාහ් අති පිවිතුරුය), ‘අල්හම්දු ලිල්ලාහ්’ (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය), ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත.), අල්ලාහු අක්බර් (අල්ලාහ් අති උත්කෘෂ්ටය.) යනාදියයි. මුස්ලාම් වරයා මෙය පවසන සෑම වාරයක් පාසාම ස්වර්ගයේ ඔහු වෙනුවෙන් පැළයක් පැළ කරනු ලැබේ.' යැයි පැවසුවේය.

explain-icon

හදීසයේ හරය

  • ස්වර්ගයේ පැළ අධික ව සිටුවා ගැනීම සඳහා දික්ර් හි නිරත වීමට උනන්දු කරවීම.
  • ඉස්ලාමීය සමූහයාගේ මහිමය. එය ඉබ්‍රාහීම් අලයිහිස් සලාම් තුමා එම සමූහයාට සලාම් දන්වා සිටින තරමටම උසස් විය.
  • උත්තරීතර අල්ලාහ්ව අධිකව මෙනෙහි කිරීම සඳහා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයාට ඉබ්‍රාහීම් අලයිහිස් සලාම් තුමා විසින් දිරි ගැන්වීම.
  • අත්-තීබී තුමා මෙසේ පවසයි: ස්වර්ග උයන තැනිතලා පතුලකි. පසුව අල්ලාහ් තම භාග්‍යයෙන් දැහැමි ක්‍රියාවන් කරන්නාගේ ක්‍රියාවන් අනුව ගස් හා මාලිගා එහි හට ගන්වන්නේය. සෑම ක්‍රියාකාරියෙකුටම තම තමන්ගේ ක්‍රියාවන් අනුව සුවිශේෂී දෑ හිමි වනු ඇත. පසුව එම කුසල් ඔහු ලබා ගනු වස් ඔහු කවර ක්‍රියාවන් වෙනුවෙන් මවනු ලැබුවේ ද ඒ සඳහා ඔහුට පහසු කරනු ඇත. එය එම ගස් වගා කළ අය මෙන් වේ.
explain-icon

අමතර