සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "විකුණන විට, මිල දී ගන්නා විට සහ හිමිකම් පෑමේදී කරුණාවන්ත මිනිසෙකුට දෙවියන් වහන්සේ දයාව පෙන්වයි!" صحيح - رواه البخاري
explain-icon

විවරණය

විකිණීමේ දී ත්යාගශීලී, කාරුණික හා පහසුකම් සලසන සෑම කෙනෙකුටම කරුණාව පතා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රාර්ථනා කළහ. එහි මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයා අපහසුතාවයට පත් නොකළ යුතුය. ඔහු සමග දැහැමි ලෙස කටයුතු කළ යුතුය. මිල දී ගන්නා විටද ත්‍යාගශීලීව, කාරුණිකව හා පහසුකම් සලසමින් කටයුතු කළ යුතුය. භාණ්ඩයේ වටිනාකමට වඩා මිල අඩු නොකළ යුතුය. අලාභය ඇති නොකළ යුතුය. එමෙන්ම තමන් සතු ණයක් පියවන මෙන් ඉල්ලා සිටින විට ද ත්‍යාගශීලී ව, කාරුණික ව හා පහසුකම් සලසමින් කටයුතු කළ යුතුය. අවශ්‍යතාවෙන් පෙලෙන්නන් හා දිළිඳුන් අපහසුතාවයට පත් නොකළ යුතුය. ඔහු සමග කරුණාවෙන් හා මෛත්‍රියෙන් කටයුතු කළ යුතුය. ඔහුට අතමිට සරුවන තුරු බලාපොරොත්තුවෙන් සිටිය යුතුය.

explain-icon

හදීසයේ හරය

  • මිනිසුන් අතර පවතින සම්බන්ධකම් විධිමත් කරන කටයුතු ආරක්ෂා කිරීම ෂරීආවෙන් අපේක්ෂා කරන කරුණකි.
  • මිනිසුන් අතර සිදු කෙරෙන ගැනුම්, විකුණුම් හා එවැනි වෙනත් ගනුදෙනුවල දී උසස් සදාචාර සම්පන්න භාවයෙන් යුතුව කටයුතු කිරීම සඳහා දිරි ගැන්වීම.