සහර් කිරීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරි ගන්වා ඇත. එනම් උපවාසය සඳහා සූදානම් වනු පිණිස රාත්‍රිය අවසානයේ ආහාර ගැනීමය. සැබැවින්ම එහි සමෘදිය ඇත. ප්‍රතිඵල හා කුසල් අතරින් බොහෝ යහපත ඇත. රාත්‍රිය අවසානයේ ප්‍රාර්ථනා කිරීම සඳහා අවදි වීම, උපවාස ශීලය මත ගොඩ නැගෙන දේව භක්තිය, ඒ සඳහා උනන්දු වීම, දුෂ්කරතාවය සැහැල්ලු කිරීම යනාදී යහපත ද එහි ඇත.