මුස්ලිම්වරුන් වන අපගේ උපවාස ශීලය සහ යුදෙව් හා කිතුනු ජනයාගේ උපවාස ශීලය අතර ඇති වෙනස ගැන නබිතුමාණන් - මෙම හදීසයේදී දැනුම් දී ඇත. එය, සුහූර් වේලාවේදී මුස්ලිම්වරුන් අනුභව කරන ආහාර වේලය. සැබැවින්ම “අහ්ලුල් කිතාබ්”හෙවත් පුස්තක හිමි යුදෙව් ජනයා සහ කිතුනු ජනයා සුහූර් වේලාවේදී ආහාර අනුභව නොකරති. නමුත් එය මුස්ලිම්වරුන්හට "මුස්තහබ්" හෙවත් දිරිමත් කර ඇති පිළිවෙතකි. එය ආගම් ලත් ජනයාගේ පිළිවෙතට වෙනස්ව කටයුතු කිරීමක් හා නබි තුමාණන්ගේ පිළිවෙත තහවුරු කිරීමක් වශයෙනි. නබි චරිතයේ සඳහන්ව ඇති පරිදි සුහූර් ආහාර වේල තුළ අභිවෘද්ධිය සහ යහපත ඇත. පුස්තකය හිමි ජනයා මධ්යම රාත්රියේ සිට උපවාස ශීලයෙහි නිරත වෙති. ඔවුහු ඹධ්යම රාත්රියට පෙර ආහාර අනුභව කරන අතර සුහූර් වේලාවේදී ආහාර නොගනිති. ෂරියා සම්බන්ධ කරුණු වලදී මුස්ලිම්වරුන් සහ මුස්ලිම් නොවන අය අතර පවතින වෙනස හඳුනා ගැනීම අවශ්ය කරුණක් වන්නේය.