ඇතැම් සහබාවරු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමග සහර් කළහ. පසුව එතුමාණෝ ෆජ්ර් සලාතය සඳහා නැගී සිටියහ. එවිට අනස් තුමා සෙයිද් ඉබ්නු සාබිත් දෙස බලා, "අදාන් හා සහර් අවසානය දක්වා අතර කොපමණ කාලයක් තිබුණේදැ?"යි විමසා සිටියහ. එවිට සෙයිද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසූහ. "එය දීර්ග නොවන, කෙටි නොවන, එමෙන්ම වේගවත් නොවන, මන්දගාමී නොවන, මධ්‍යස්ථ ආයත් පනහක් කියවන ප්‍රමාණයකි."