හජ් වන්දනාව හා උම්රා වන්දනාව අතර සමීපයෙන් කටයුතු කරන මෙන් ද හැකියාව තිබිය දී ඒ දෙක ඉටු කිරීම අත් නොහරින මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පවසා උනන්දු කර ඇත්තාහ. සැබැවින්ම යකඩ හා එහි මිශ්‍රව පවතින එයට අදාළ නැති අනෙකුත් ලෝහමය කිලිටි ඉවත් කිරීමට භාවිතා කරන ගින්න මෙන් ඒ දෙක දිළිඳුකම හා පාපය ඉවත් කරන අතර හදවත තුළ පවතින කිලිටි ද ඉවත් කරනු ඇත.