අල්ලාහ් තමන් අභිමත කරන්නන් අපා ගින්නෙන් නිදහස් කොට මුදවා හැරීමේදී අරෆා දිනයට වඩා අධික ලෙස එසේ වන වෙනත් දිනයක් නැත. සැබැවින්ම සුවිශුද්ධයාණන් හජ් ඉටුකරන තම ගැත්තන් සමීපයට සැබෑ ලෙස සමීපවී ඔවුන් ගැන මලක්වරුන් ඉදිරියේ සතුටින් කතා කරයි. හජ් වන්දනාකරුවන්ගේ මහිමය හා ඔවුන්ගේ ගෞරවය ගැන මලක්වරුන්ට ඉදිරිපත් කරයි. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් ඔහුගේ කීර්තියට හා ඔහුගේ මහිමයට ගැළපෙන අයුරින් සැබෑ ලෙස තම ගැත්තන්හට සමීපයෙන් සිටින බව අහ්ලුස් සුන්නා හා වල් ජමාආතයට අයත් පුද්ගලයෝ විශ්වාස කරති. ඔහු අර්ෂ් මත ස්ථාපිතව සිටී. ඔහුගේ මැවීම් පිළිබඳ පැහැදිලි දැක්මක් තිබේ. සැබැවින්ම ඔහු ඔවුන් වෙත සැබෑ ලෙසින්ම සමීප වෙයි. ඔවුනට ළං වෙයි. පසුව “ඔවුන් අපේක්ෂා කර සිටිනුයේ කුමක්ද?” යැයි විමසයි. එනම්: ඔවුන් ඔවුන්ගේ පවුල් හා ඔවුන්ගේ දේශයන් අතහැර දමා, ඔවුන්ගේ ධනය වියදම් කොට ඔවුන්ගේ ශරීර වෙහෙස කරවා ඔවුන් අපේක්ෂා කර සිටිනුයේ කවර කරුණක් ද? යන්නයි එනම්: ඔවුන් සමාව, පිළිගැනීම, සමීපත්වය, හමුවීම හැර වෙනත් කිසිවක් අපේක්ෂා කළේ නැත. ඔවුන් කවර කරුණක් අපේක්ෂා කළේ ද එය ඔවුනට හිමිවන්නකි. ඔවුන්ගේ චේතනාවන්ට අනුව ඔවුන්ගේ නිලයන් පිහිටනු ඇත.