නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සුබෙයිර් ඉබ්නුල් අව්වාම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා, ඔහු ළණුවක් රැගෙන ඉන් දරමිටියක් ගසා ඔහුගේ කර මතින් එය ගෙනැවිත් විකුණා දමයි. එමගින් අල්ලාහ් ඔහුගේ ප්‍රතිරූපය ආරක්ෂා කරයි. එය මිනිසුන්ගෙන් ඉල්ලා ඔවුන් ඔහුට දීම හෝ ඔහුට දීමෙන් වැළකීමට වඩා ඔහුට උතුම් වන්නේය." صحيح - رواه البخاري
explain-icon

විවරණය

ජනයා අතරින් කෙනෙකු යම් කිසි ක්‍රියාවක් සිදු කර, එය ළණුවක් ගෙන එමගින් දර මිටි ගසා ඔහුගේ කර මත තබා විකිණීම හෝ වේවා, ඉන් අනුභව කිරීම හෝ එය දන් දීම හා අනෙක් අයගේ අවශ්‍යතාවන්ගෙන් ඉවත් වී, ඉල්ලා සිටීමේ පහත් බවින් තම ප්‍රතිරූපය ආරක්ෂා කර ගන්නේ ද එය මිනිසුන්ගෙන් ඉල්ලා ඔවුන් ඔහුට පිරිනැමීම හෝ ඔවුන් ඉන් වැළකී සිටීමට වඩා ඔහුට උතුම් වන්නේය. මිනිසුන්ගෙන් ඉල්ලා සිටීම පහත් ක්‍රියාවකි. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා අවමන් සහගත අයකු නොව, ගෞරවණීය තැනැත්තකි.

explain-icon

හදීසයේ හරය

  • තවකෙකුගෙන් ඉල්ලීමෙන් වැළකී සිටීමට සහ එයින් ඈත් වී සිටීමට දිරිමත් කිරීම.
  • ජීවනෝපාය උපයා ගැනීම සඳහා වැඩ කිරීමට මිනිසුන් දිරිමත් කිරීම. වගකිව යුතු පුද්ගලයා මිනිසුන් විසින් නොවැදගත් ලෙස සලකනු ලැබූ සරල වෘත්තියක් වුව ද එලෙසමය.
  • ඉස්ලාමය යාචකකමට සහ විරැකියාවට එරෙහිව සටන් කරයි; එමනිසා, දුෂ්කර වුවද, වෙහෙස මහන්සි වීම සහ වැඩ කිරීම අනිවාර්ය කර ඇත. උදාහරණයක් ලෙස දර කපා විකිණීම වැනිය.
  • ජීවනෝපාය ඉපැයීමට හා රැකියාවක් කිරීමට හැකියාව තිබිය දී යාචකකම අනුමත වන්නේ නැත.
  • අවශ්‍යතාවයක් ඇතිව පාලකයාගෙන් ඉල්ලා සිටීම අනුමතය. සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි: "(නබිවරය) නුඹ ඔවුනට ප්‍රවාහන පහසුකම් ලබා දෙනු පිණිස නුඹ වෙත ඔවුන් පැමිණ, නුඹද ඔවුනට "නුඹලා ඒ මත ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් ලබා දෙන යමක් මා සතුව නැත” යැයි පැවසා තමන් හට වියදම් කිරීමට යමක් නොලැබුණු හේතුවෙන් දුකට පත් ව තම ඇස් වලින් කඳුළු හළමින් හැරී ගිය අය කෙරෙහි ද වරදක් නොමැත." (අත්-තව්බා: 92)
  • යමෙකුට ඉල්ලීමට බල කෙරෙන්නේ නම් සහ ජීවනෝපාය ඉපැයීමට හෝ දර මිටි එකතු කර විකිණීමට පවා නොහැකි නම්, ඔහුට ඉල්ලීමට අවසර ඇති නමුත් ඔහු මුරණ්ඩුකමින් හෝ බල කර සිටිමින් හෝ ඉල්ලා නොසිටිය යුතුය. සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි: ".... ඔවුහු යාචනය කරමින් ජනයාගෙන් (කිසිවක්) නොඉල්ලති. ..." (අල්-බකරා: 273)
  • නවවි තුමා මෙසේ පවසයි: මෙහි දානමාන කටයුතු සිදු කිරීම, තම අතින් උපයන දැයින් තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීම හා අනුමත දැයින් ඉපැයීම යනාදී කරුණු සම්බන්ධව දිරි ගන්වා ඇත.