මෙම හදීසයේ තේරුම: ගනු දෙනුවලදී අධික වශයෙන් දිවුරා සිටීමෙන් වැළකී සිටිනු, යන්නයි. එය සත්යයක් වුව ද එසේමය. හේතුව අධික වශයෙන් දිවුරා සිටීම අසත්යට නැඹුරුවීමේ සලකුණකි. උදාහරණයක් වශයෙන් අල්ලාහ් මත දිවුරා සිටිමි සැබැවින්ම මම මෙය රුපියල් සියයට මිලදී ගතිමි යැයි පවසනවාක් මෙනි. එය සත්යයක් වුව ද එසේමය. එමෙන්ම එය බොරුවක් නම් අපාරාධයකි. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා! සැබැවින්ම මම මෙය රුපියල් සියයකට මිලදී ගතිමි. රුපියල් අසූවකට මිස විකුණන්නේ නැතැයි පැවසීම ඊටත් වඩාත් දරුණුය. හේතුව එමගින් ඔහු ව්යාපාරයේ දිවුරා සිටින බොරුකාරයකු වන බැවිනි. නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එයින් වැළැක්වූහ. එමෙන්ම ව්යාපාරයේ දිවුරා සිටීම භාණ්ඩ හිඟවී යාමට හේතුවක් වෙයි. පසුව අල්ලාහ් එහි ඇති අභිවෘද්ධිය විනාශ කර දමයි. හේතුව එම ඉපැයීම අල්ලාහ්ගේ දූතයාණන්ට කරන පවකි. අල්ලාහ්ගේ දූතයාණන්ට පවක් සිදු කිරීම යනු අල්ලාහ්ට කරන පාපයකි. ජනයා අතුරින් බහුතරයක් දෙනා මෙම විෂයෙහි පරීක්ෂාවට ලක් කරනු ලබති. උදාහරණ වශයෙන් අල්ලාහ් මත දිවුරා පවසමි, නියත වශයෙන් එය හොඳය. අල්ලාහ් මත දිවුරා පවසමි නියත වශයෙන්ම මම මෙය මේ මේ මුදලට මිලදී ගතිමි. එය සත්යය වුවද අසත්යය වුවද එයින් වළක්වනු ලැබ ඇත. හේතුව සැබැවින්ම එමගින් වෙනත් අයට අපරාධයක් සිදුවනු ඇත. රියාලුස් සාලිහීන් හි විවරණය: ඉබ්නු උසෙය්මීය්යින් (6/461,462)