සිකුරාදා දිනක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කුත්බා (දේශනය) පවත්වමින් සිටිය දී උමර් ඉබ්නු අල්-කත්තාබ්ගේ නිවස දෙසින් මස්ජිදයේ බටහිර දෙසින් පිහිටි දොරටුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මස්ජිදයට පිටිසර අරාබිවරයෙකු පිවිසුණේය. එම පුද්ගලයා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දෙසට මුහුණලා මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! පශු සම්පත් විනාශ වී ඇත. සතුන් මිය යෑමෙන් පෝෂණ මාර් ග අවහිර වී ඇත. කුසගින්න හේතුවෙන් උන් දුර් වල වී ඇත. එබැවින් අපට වැසි වස්සන මෙන් ඉල්ලා අල්ලාහ්ට යාච්ඤා කරන්න." එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම දෑත් ඔසවා, "අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව. අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව. අහෝ අල්ලාහ්! අපට වැසි ලබා දෙනු මැනව." යැයි ප්‍රාර් ථනා කළහ. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමින් කියමි. අහසේ කිසිදු වළාකුළක් අපි දුටුවේ නැත. මස්ජිදයේ බටහිර දෙසින් අප අතර සහ සල්උ කන්ද අතර එය දැකීමෙන් බාධාවන ආකාරයේ කිසිදු නිවසක් හෝ ගොඩනැගිල්ලක් හෝ නොවීය. අනස් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය. එවිට ඒ පිටුපසින් පලිහක් (කුඩා රෙද්දක්) වැනි වටකුරු වලාකුළක් මතු විය. එය මදීනාවේ අහස මැදට පැමිණි විට එය පැතිරී ගොත් වැසි ගෙන දුන්නේය. අල්ලාහ්ගේ නාමයෙන්, එම වර් ෂාව හේතුවෙන් අනෙක් ජුමුආව දක්වා අපි හිරු නොදුටුවෙමු. ඊළඟ සිකුරාදා, එම දොරටුවෙන් එම පුද්ගලයෙකු ඇතුළු වූ අතර එවිට ද අල්ලාහ්ගේ දූතයණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සිකුරාදා කුත්බා දේශනාව පවත්වමින් සිටියහ. එවිට එම මිනිසා ඒතුමාණන් වෙත මුහුණලා සිටගෙන, මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණනි! පශු සම්පත් විනාශ වී ගොස් ඇත. (ආදායම්) මාර් ග නතර වී ඇත; එහෙයින් අපගෙන් වර් ෂාව නතර කරන මෙන් අල්ලාහ්ට යාච්ඤා කරන්න." එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අත් දෙකම ඔසවා, "අහෝ දෙවිඳුනි! අප මත විනාශ කාරී ලෙස නොව අප වටා වර් ෂාව යොමු කරනු මැනව. දෙවියනේ! කඳු, කුඩා කඳු, නිම්න මධ්‍යයේ සහ ගස් වැවෙන ස්ථාන වැනි පෘථිවියේ උස් තැන් වෙත එය යොමු කරන්න." යැයි කීහ. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් මෙසේ පැවසීය. 'වැහි වළාකුළු නතර වී ගියේය. අපි පිටතට පැමිණ හිරු එළියේ ඇවිද ගියෙමු.