අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "හවරි බඳින කාන්තාවට හා හවරි බඳින මෙන් පතන කාන්තාවටත් පච්චා (ටැටූ) කොටන කාන්තාවට හා පච්චා කොටන මෙන් පතන කාන්තාවටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ශාප කළහ." صحيح - متفق عليه
explain-icon

විවරණය

පාර්ශව හතරක් වෙත ශාප කිරීම, නෙරපනු ලැබීම, දුරස් කිරීම පතමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රාර්ථනා කළහ. පළමුවැන්නා: තමන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ හිසකෙස් සඳහා වෙනත් හිසකෙස් භාවිතා කර හවරි බඳින කාන්තාව. දෙවැන්නා: තමන්ගේ හිසකෙස් සඳහා වෙනත් හිසකෙස් භාවිතා කර හවරි බඳින ලෙස වෙනත් කෙනෙකුගෙන් පතන කාන්තාව. තුන්වැන්නා: අලංකාරය හා විලාසිතාව අපේක්ෂාවෙන් මුහුණ, අත හෝ පපුව වැනි ශරීරයේ විවිධ ස්ථානවල, කටු භාවිතා කර පච්ච කොටා එහි සළකුණු නිල් හෝ කොළ පැහැය ගන්නා තරමට වර්ණ ගැන්වීම. සිව්වැන්නා: එසේ පච්චා කොටන මෙන් ඉල්ලා සිටින්නා. මෙම ක්‍රියාවන් මහා පාපයන් වෙති.

explain-icon

හදීසයේ හරය

  • ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: හිසකෙස්, හිසකෙස් සමග ගෙතීම මෙහි තහනම් කරන ලද්දක් නොවේ. එමෙන්ම හිසකෙස් රෙදි කැබැල්ලකින් හෝ වෙනත් යම් වස්තුවකින් බඳින්නේ නම් එය මෙම තහනම තුළට ඇතුළත් වන්නේ ද නැත.
  • පාපය සඳහා සහාය දීම තහනම් කරන ලද්දකි.
  • අල්ලාහ්ගේ මැවීමෙහි වෙනස්කම් කිරීම තහනම් වේ. මක්නිසාදයත් එය ව්‍යාජයක් හා රැවටීමක් වන බැවිනි.
  • පොදුවේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ශාප කළ උදවියට දොස් නැගීමට අවසර ඇත.
  • මෙම තහනම තුළට වර්තමානයේ පළඳින කොණ්ඩා මොස්තර ද ඇතුළත් වේ. එය දේවත්වය ප්‍රතික්ෂේප කරන උදවියට සමානකම් පැමක් මෙන්ම රැවටීමකි, වංචාවකි.
  • කත්තාබි තුමා මෙසේ පවසයි: "මෙම කරුණු වල දැඩි සේ අවවාද කර ඇත්තේ ඒතුළ වංචාව හා රැවටීම පවතින බැවිනි. මෙහි කිසියම් අවකාශයක් පිරිනැමුවේ නම්, රැවටීමේ වෙනත් මාර්ග අනුමත කර ගැනීමට එය මාධ්‍යයක් බවට පත්වනු ඇත. එමෙන්ම එහි මැවීම් ස්වභාවය වෙනස් කිරීම ද ඇත. ඉබ්නු මස්ඌද් තුමා වාර්තා කළ හදීසයේ 'අල්ලාහ්ගේ මැවීම් වෙනස් කරන්නියන්' යන ප්‍රකාශයෙන් එය නිරූපණය වේ. මැනවින් දන්නා අල්ලාහ්ය."
  • නවවි තුමා මෙසේ පවසයි: "එය සිදු කරන්නිය හා එය සිදු කරනු ලබන්නා කෙරෙහි තහනම් කරුණකි. පච්චා කෙටූ ස්ථානය අපිරිසිදු බවට පත්වේ. ප්‍රතිකාර මගින් එය ඉවත් කිරීමට හැකි නම් එය අනිවාර්යය වේ. එය නොහැකි වී නම් එය තුවාලයක් මිස වෙනකක් නොවන්නේ ය. එසේ ඉවත් කිරීමට යෑමෙන් ජීවිත හානියක් සිදු වේ යැයි හෝ ශරීර අවයවයක් හෝ එහි ප්‍රයෝජනය අහිමි වේ යැයි හෝ මතු පිට ශරීර අවයවයෙහි යම් කැළලක් සිදුවේ යැයි හෝ බිය වූයේ නම් එසේ එය ඉවත් කිරීම අනිවාර්යය නොවන්නේය. ඔහු පාපක්ෂමාව ඉල්ලා අල්ලාහ් වෙත නැඹුරු වූයේ නම් ඔහු කෙරෙහි පවක් පවතින්නේ නැත. නමුත් ඒ ගැන කිසිවකට ඔහු බිය නොවූයේ නම් එය ඉවත් කිරීම ඔහුට අනිවාර්යය වන අතර එය ප්‍රමාද කිරීමෙන් ඔහු පාපි තත්ත්වයට පත්වනු ඇත." නිමි.