කාන්තාවන්ට ආවේනික වූ ඇඳුම් පැළඳුම්වල දී කාන්තාවට සමාන ලෙස ඇඳුම් පැළඳුම් අඳින සෑම පිරිමියෙකුම අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් කරනු ලැබීමට හා නෙරපා හරිනු ලැබීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රාර්ථනා කළහ. එය හැඩයෙන් හෝ වේවා වර්ණයෙන් හෝ වේවා ක්‍රමයෙන් හෝ වේවා ඇඳුම් විලාශයෙන් හා අලංකාරයෙන් හෝ වේවා ඒ හැර වෙනත් දෙයකින් හෝ වේවා එක සමානය. එසේ නැතහොත් පිරිමින්ට ආවේනික ඇඳුම් පැළඳුම් වල දී කාන්තාව ඔහුට සමානව ඇඳ පැළඳ ගැනීම ද එලෙසමය. එය මහා පාපකම් අතරින් වූ පාපයකි.