සුදු කෙස් උදුරා දැමීමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තහනම් කළහ. එය හිසෙහි හෝ වේවා රැවුලෙහි හෝ වේවා ඒ හැර වෙනත් තැනක හෝ වේවා එක සමානය. මෙම සුදු රෝම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එහි හිමියාට ආලෝකයක් වනු ඇත. ඉමාම් සුයූතිගේ සුනන් ඉබ්නු මාජාහි විවරණය (පිටුව 264), නය්ලුල් අව්තාර් (1/151)