අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. පිරිමියා කුංකුමං (රතු පැහැති වර්ණ) භාවිතා කිරීම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ තහනම් කළහ. පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

මිනිසකු තම ශරීරයට හෝ තම වස්ත්රයට කුංකුමම් ගැල්වීම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තහනම් කළහ. එය කාන්තාව භාවිතා කරන සුවද විළවුන් වර්ගයකි. ඇයට ආදේශ වීමේ හේතුව මත පිරිමින්ට එය තහනම් කරන ලදී.