ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- හිසකෙස් කොටසක් බා තවත් කොටසක් අතහැර දමා තිබූ දරුවකු දුටුහ. එවිට එතුමා ඔවුන් එයින් වළක්වා : "එය මුළුමණින්ම බානු. එසේ නැතිනම් එය මුළුමණින්ම අතහැර දමනු." යැයි පවසා සිටියහ. පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත