කවරෙකු තම ගෙල හා උරහිස අතර ඇති කොටසේ උරහිස් දෙක කිසිදු තිරයකින් ආවරණය නොකළ තත්ත්වයේ ඒ මත කිසිවක් නොමැතිව එක ඇඳුමක් ඇඳ සලාතය ඉටු කරන්නේ ද, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එසේ කිරීමෙන් ඔහුව වැළැක්වූහ. සැබැවින්ම උරහිස් දෙක ආවරණය කළ යුතු රහස්‍ය පෙදෙස් නොවූව ද සැබැවින්ම ඒ දෙක ආවරණය කිරීම රහස්‍ය පෙදෙස් ආවරණය කිරීමට වඩාත් පහසු වනු ඇත. එමෙන්ම උත්තරීතර අල්ලාහ්ව කීර්තියට පත් කිරීමටත් ඔහු අබියස සලාතයේ සිටගෙන සිටින අතරවාරයේ ඔහුට ගරුබුහුමන් කිරීමටත් වඩාත් සමීප කාර්යයක් වනු ඇත.