අල්ලස් දෙන්නාට, අල්ලාස් ගන්නාට හා එය ලබා ගන්නාට එරෙහිව ඔවුන් අල්ලාහ්ගේ දයාවෙන් නෙරපා හැරීමටත් ඉවත් කිරීමටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රාර්ථනා කළහ. තමාට අවශ්‍ය දේ, අසාධාරණ ලෙස ලබා ගැනීම පිණිස විනිසුරුවරුන් දෙන තීන්දුවේදී අපක්ෂපාතීව කටයුතු කිරීම සඳහා ඔවුනට අල්ලස් වශයෙන් ගෙවනු ලබන දෑද මේ අතරට ඇතුළත් වේ.