සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්ගෙන් කරුණු තුනක් සම්බන්ධව ප්‍රිය කරන බවත් ඔවුන්ගෙන් සිදුවන තවත් කරුණු තුනක් සම්බන්ධව පිළිකුල් කරන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. ඒ අනුව ඔවුන්ගෙන් ඔහු ප්‍රිය කරනුයේ: ඔහු ඒකීයත්වයට පත් කිරීම, ඔහුට කිසිවක් ආදේශ නොකිරීම, අල්ලාහ්ගේ ගිවිසුම, කුර්ආනය හා ඔහුගේ නබිවරයාගේ සුන්නාව සියලු දෙනා තදින් පිළිපැද මුස්ලිම් සමාජයෙන් වෙන්ව නො යෑම. ඔවුනට පිළිකුල් කරනුයේ: 'පුහු ප්‍රකාශයන්හි නිරත වීම, තමන්ට ප්‍රයෝනජවත් නොවන දෑ සම්බන්ධව වාචාල ලෙස කතා කිරීම, සිදු නොවූ දෙයක් පිළිබඳ විමසා සිටීම හෝ මිනිසුන්ගේ ධනය, ඔවුන් සන්තකයේ ඇති වස්තුව තමට අවශ්‍යතාවක් නැති දෑ යනාදිය ඉල්ලා සිටීම, ධනය නාස්ති කිරීම එය ආගම නොපෙන්වූ ආකාරයෙන් වියදම් කිරීම, විනාශ කිරීම සඳහා ඒවා නිරාවරණය කිරීම.' යනාදියයි.