අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවර මිනිසෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලැබ, පසුව ඔහු මා වෙත සලවාත් නො පැවසුවේ ද ඔහු අවමානයට පත් වේවා!” රමළාන් මාසය ඔහු වෙත ප්‍රවේශ වී, පසුව ඔහු වෙනුවෙන් ඔහු පාපක්ෂමාව අයැද සිටීමට පෙර එය අවසන් වී ගියේ ද එවැනි තැනැත්තාටත් විනාශය අත් වේවා! තමන් හට වයෝවෘද්ධ දෙමාපියන් හිද, ඔවුන් දෙදෙනා ඔහුව ස්වර්ගය වෙත ප්‍රවේශ නොකරන අය ද අවමානයට පත් වේවා!" صحيح - رواه الترمذي وأحمد
explain-icon

විවරණය

අවමානය, අපහාසය හා අලාභයට පත්, විනාශ වී යන්නට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පාර්ශව තුනකට එරෙහිව ප්‍රාර්ථනා කළහ. පළමු පාර්ශවය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නාමය ඔහු අබියස මෙනෙහි කරනු ලැබූ විටෙක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් යැයි පවසමින් හෝ වෙනත් ක්‍රමයකින් හෝ පවසමින් එතුමාණන් වෙත සලවාත් නොපවසන තැනැත්තා. දෙවැන්න: කවරෙකු රමළාන් මාසයට පිවිස, තමන් කළ ක්‍රියාවන්හි සිදු වූ අඩුපාඩු සඳහා සමාව අයදින්නට පෙර එම මාසය ගෙවී ගියේ ද, එවන් අය. තුන්වැන්න: තමන් ළඟ වයෝවෘද්ධ දෙමාපියන් හිඳ ඔවුන් දෙදෙනාගේ වගකීම් පැහැර හැරීම හා හිංසා පීඩා කිරීම නිසාවෙන් ඔවුන් දෙදෙනාව ස්වර්ගයට පිවිසීමේ සාධකයක් බවට පත්කර නොගන්නා.

explain-icon

හදීසයේ හරය

  • අස්-සින්දී තුමා මෙසේ පවසයි: "සැබැවින්ම මේ සෑම කෙනෙකුම එහි යම් අඩුවක් කළ දෑ නොදුටුව ද යහපතින් පරිපූර්ණ කොටසක් එමගින් ඔහු ලබනු ඇත. එය මග හරින තරමට එය සීමා කරගත් විටෙක, ඔහු බලාපොරොත්තු සුන් වී අලාභය විඳිනු ඇත."
  • නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නාමය සඳහන් කරනු ලබන සෑම අවස්ථාවකම එතුමාණන් කෙරෙහි සලවාත් පැවසීම.
  • රමළාන් මාසයේ නැමදුම්වල නිරත වීමට හා එහි කැපවීමට උනන්දු කරවීම.
  • දෙමව්පියන්, විශේෂයෙන්ම ඔවුන් වයස්ගත වූ විටෙක ඔවුනට ඇප උපස්ථාන කිරීම හා ඔවුන් දෙපළට ගරු කිරීම සඳහා කැපවීමට උනන්දු කිරීම.
explain-icon

අමතර