අපේක්ෂිත දෑට ළඟා කරවන මාර්ගය හා සාධකය මෙන්ම ආගමික දැනුම යනාදිය සම්බන්ධයෙන් කවර කරුණක් සඳහන්ව ඇත්තේ ද එයින් ප්‍රයෝජනය ලබන්නා අධික ලෙස වර්ෂාව ඇද හැළෙන භූමියට සමාන කරමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මවිතයට පත් විය. එය කොටස් තුනක් විය. පළමුවැන්න: පිරිසිදු සාරවත් භූමියකි. එය වර්ෂා ජලය පිළිගනී. පසුව අධික ලෙස තෙත් හා වියළි පැළෑටි මතු කරයි. එමගින් ජනයා ප්‍රයෝජනය ලබනු ඇත. දෙවැන්න: ජලය රඳවාගෙන තිබුණ ද, පැළෑටි හට නොගැනෙන භූමියකි. එය මිනිසුනට ප්‍රයෝනවත් වන පරිදි ජලය සංරක්ෂණය කර තබා ගනී. එමගින් ඔවුන් පානය කරති, තම ගොවිපළ සතුන්ට හා ගොවිබිම්වලට ජලය සපයති. තුන්වැන්න: ජලය නොරැඳෙන පැළෑටි හට නොගන්නා, සිනිඳු, පැතලි භූමියකි. එය එම ජලයෙන් ප්‍රයෝජනය නොලබන අතර එමගින් මිනිසුන් ද ප්‍රයෝජනය නොලබති. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත එවන ලද දැනුම හා මඟ පෙන්වීමට සවන් දෙන ශ්‍රාවකයින් එලෙස ය. පළමුවැන්නා: අල්ලාහ්ගේ දහම පිළිබඳ අවබෝධය ලබා, එම දැනුම අනුව ක්‍රියා කර, එය අන් අයට උගන්වන විද්වතාය. තමන් ප්‍රයෝජනය ලබා, ගහ කොළ හට ගන්වා, අන් දෑට ප්‍රයෝජනය සළසන සාරවත් භූමියේ මට්ටමෙහි ඔහු පසුවෙයි. දෙවැන්නා: දැනුම සංරක්ෂණය කරන නමුත් ඒ ගැන අවබෝධයක් හෝ ප්‍රයෝජනයක් නොලබන තැනැත්තාය. ඔහු දැනුම රැස්කරයි. ඒ සඳහා කාලය ගත කරයි. නමුත් ස්වෙච්චාවෙන් කළ යුතු දෑ ඉටු නොකරයි. ඔහු රැස්කළ දෑ ගැන අවබෝධය නොලබයි. ඔහු අන් අයට මෙවලමක් වේ. ජලය එහි රඳවාගෙන මිනිසුන්ට ඉන් ප්‍රතිලාභ ගෙන දෙන භූමියක තත්ත්වයේ ඔහු පසුවෙයි. තුන්වැන්නා: දැනුමට සවන් දුන්න ද එය ආරක්ෂා නො කරන, ඒ අනුව කටයුතු නො කරන, අන් අයට සම්ප්‍රේෂණය නො කරන තැනැත්තාය. ඔහු ගහ කොළ නැති ජලය පිළි නොගන්නා, අන් දෑ ද දූෂිත කර දමන මුඩු භූමියක තත්ත්වයේ පසුවෙයි.