නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හජ් හෝ උම්රා වන්දනාවට ප්‍රවේශවීමට සිතූ විටෙක එතුමාණන් ප්‍රකාශ කළ තල්බියා ව වූයේ: (ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්) චිත්තපාරිශුද්ධිය, දේව ඒකීයත්වය, හජ් හා අනෙකුත් නැමදුම් යනාදී ලෙස ඔබ අප ඇරයුම් කර සිටි දෑට පිළිතුරු දීමෙන් පසු ඔබට අනිවාර්යය පිළිතුර ලබා දුනිමි. (ලබ්බයික් ලාෂරීක ලක ලබ්බයික්) නැමදුමට සුදුස්සා ඔබ පමණය. ඔබේ පරිපාලනය, ඔබේ දේවත්වය, ඔබේ නාම හා ඔබේ ගුණාංග තුළ ඔබට සමාන කිසිදු හවුල්කරුවකු නැත. (ඉන්නල් හම්ද) කෘතඥතාව හා ප්‍රශංසාව (වන්නිඃමත) ඔබෙන් වූ ආශිර්වාදය. ඒවා පිරිනමන්නා ඔබය. (ලක) සියලු තත්ත්වයන් වෙනස් කිරීම ඔබ සතුය. (වල් මුල්කු) ආධිපත්‍යය ද ඔබ සතුය. (ලාෂරීක ලක්) එහෙයින් සියලු දෑ ඔබට පමණක් සතුවය. ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා ඊට අමතර ව: (ලබ්බයික් ලබ්බයික් වසඃදයික්) සතුටු කිරීමෙන් පසු තව තවත් ඔබ මා සතුටු කරනු මැනව. (වල් කඃයිරු බියදයික්) ඒ සියල්ල ඔබේ භාග්‍යය තුළිනි. (ලබ්බයික් වර්රුගබාඋ ඉලයික) ඉල්ලීම හා ඇයැදීම යහපත සුරතෙහි තබා ඇති ඔබ වෙතය. (වල් අමලු) සියලු ක්‍රියාවන් ඔබ සතුය. නැමදුමට සුදුස්සා ඔබ ය.