නිවැරදි ක්‍රමය කුමක්දැ?යි නොදන්නා කරුණක් සිදු කරන්නට මුස්ලිම්වරයකු සිතූ විටෙක, ඔහු ඉස්තිකාරා සලාතය හෙවත් යහපත පතා ඉටු කරන සලාතය ඉටු කිරීම ආගමානුගත කර ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඒ ගැන තම සහගාමීන් හට උගන්වා ඇත්තේ අල් කුර්ආනයෙන් සූරාවක් ඔවුනට ඉගැන්නුවාක් මෙනි. අනතුරව එතුමාණෝ ෆර්ලු සලාතය නොවන අමතර රකආත් දෙකක් සලාත් ඉටු කර පසුව පහත සඳහන් පරිදි පවසමින් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කර සිටියහ. "අල්ලාහුම්ම ඉන්නී අස්තහීඃරුක" (අහෝ දෙවිඳාණනි! මම ඔබෙන් යහපත පතමි) කරුණු දෙකින් යහපත වෙනුවෙන් ඔබේ ආශිර්වාදය පතමි. "බිඉල්මික" (ඔබේ දැනුමෙන්) ඉල්ලමි. එය සියලු දෑ ආවරණය කරගත් දැනුමය. "වස්තක්දිරුක" (මම ඔබෙන් ශක්තිය අපේක්ෂා කරමි.) ඔබෙන් තොරව කිසිදු හැකියාවක් හෝ කිසිදු හැරවුමක් හෝ නැති පරිදි හැකියාවන්තයෙකු ලෙස මා පත්කරනු. "බිකුද්රතික" (ඔබේ ශක්තියෙන්) ඔබට කිසිවකට අපොහොත් නැත. "වඅස්අලුක මින් ෆළ්ලික" ඔබේ උපකාරයෙන්, "අළීම්" අතිමහත් උපකාරය, එනම් ඔබෙන් වූ උතුම් ආශිර්වාදය පතමි. ආශිර්වාදය තුළ කිසිදු අයිතියක් ඔබට හැර වෙනත් කිසිවකු සතු නැත. "ෆඉන්නක තක්දිරු" සියලු දෑ කෙරෙහි ඔබ ශක්තිවන්තය. මම අපොහොසත් දුර්වලයෙක්මි. "වලා අක්දිරු," ඔබෙන් වූ උපකාරයෙන් හැර වෙනත් කිසිදු හැකියාවක් මට නැත. "ව" තවද ඔබ "තඃලමු" මතුපිට ඇති දෑ මෙන්ම අභ්‍යන්තරයේ ඇති දෑ ද යහපත හා අයහත යන සියල්ල මුලුමණින්ම ආවරණය කරගත් ඔබේ දැනුමෙන් ඔබ සියල්ල දැන සිටියි. "ව" තවද මම "ලා අඃලමු" ඔබේ ආශිර්වාදයෙන් හා ඔබේ මඟපෙන්වීමෙන් හැර කිසිවක් නොදනිමි. "වඅන්ත අල්ලාමුල් ගුයූබ්" පොදුවේ සියලු දැනුම ඔබ සතුය. සර්ව ශක්තිය ඔබ සතුය. ඒ කිසිවක් ඔබ කවරෙකුට හැකියාව ලබා දුන්නේ ද, ඒ සඳහා ශක්තිය ලබා දුන්නේ ද එය හැර ඔබෙන් තොරව කිසිවක් නැත. පසුව මුස්ලිම්වරයා තම පරමාධිපති අයදිමින් තම අවශ්‍යතාව නම් කරමින් මෙසේ පවසයි: "අල්ලාහුම්ම" අහෝ දෙවිඳුනි! සැබැවින්ම මාගේ කටයුත්ත ඔබ වෙත පවරමි. එබැවින් "ඉන් කුන්ත තඃලමු" සැබැවින්ම මෙම කටයුත්ත ඔබේ දැනුම අනුව ඔබ දැන සිටියෙහි නම් (පසුව තම අවශ්‍යතාව පවසා) නිවසක් මිලදී ගැනීම හෝ වාහනයක් මිලදී ගැනීම හෝ කාන්තාවන් විවාහ කර ගැනීම හෝ එවැනි යම් අවශ්‍යතාවක්... නම් කරන්න. "ෆඅන් කාන හාදල් අම්ර්" ඔබේ දැනුම අනුව පෙර සඳහන් කරන ලද කරුණ "හෛඃරුන් ලී ෆී දීනි" මාගේ කටයුත්තට ආරක්ෂාවක් නම් "වමආෂී" මාගේ ලෞකික කටයුතුවලටත් "වආකිබති අම්රි" මාගේ කටයුතු අවාසානයේ යොමුවන තැනටත් "ෆී ආජිලි අම්රී වආජිලිහී" මෙලොවට හා මතුලොවටත් යහපතක් ලෙස දකින්නෙහි නම්, "ෆක්දුර්හු" එය සූදානම් කර දෙන්න. එය සකසා දෙන්න. "ලී" එහි පහසුව "වයස්සිර්හු ලී" මට පහසු කර දෙන්න. "සුම්ම බාරික්" එම යහපත වර්ධනය කර දෙන්න "ලී ෆීහි" එහි මට පහසු කර දෙන්න. " වඉන් කුන්ත තඃලමු" දෙවිඳුනි ඔබ දන්නෙහි නම්, "අන්න හාදල් අම්ර" මම යහපත පතන මෙම කරුණ "ෂර්රුන් ලී ෆී දීනී, වමආෂී, වආකිබති අම්රී" මගේ දහමට, මගේ ජීවිතයට, හා මගේ කටයුත්තේ අවසානය මට නපුරක් නම් එසේ නැතහොත් "ෆී ආජිලි අම්රී වආජිලිහි" මෙලොවට හා මතුලොවට නපුරක් නම් "ෆස්රිෆ්හු අන්නී වස්රිෆ්නී අන්හු" එය මගෙන් ඉවත් කරනු මැනව! මා ද එයින් ඉවතට හරවනු මැනව! "වක්දුර්ලී අල් හයිර හයිසු කාන, සුම්ම අර්ලිනී බිහී." තවද යහපත කොතැනක තිබුණ ද එය මට සළසා දෙනු මැනව! ඒ ගැන සතුට මට ඇති කරනු මැනව." එනම් මම ප්‍රිය කරන හෝ මම පිළිකුල් කරන කවර දෙයක් වුව ද ඒ සියල්ල ඔබේ නියමය අනුවම සකසා දෙන්න.