මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: පුරුද්දක් ලෙස ෆජ්ර් සලාතයේ අමතර රකආත් දෙක පිළිබඳ යොමු කළ දැඩි අවධානය මෙන්, වෙනත් කිසිදු අමතර සලාතයක් සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උනන්දුවක් නො දැක්වූහ. صحيح - متفق عليه
explain-icon

විවරණය

මුඃමින්වරුන්ගේ මාතාවක වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ෆජ්ර් සලාතයට පෙර ස්වේච්ඡා සලාතයේ රකආත් දෙක පුරුද්දක් ලෙස ඉතා කැමැත්තෙන් හා සුරක්ෂිතව ඉටු කළා මෙන් වෙනත් කිසිදු අමතර සලාතයක් ඉටු කළේ නැත.

explain-icon

හදීසයේ හරය

  • ඉටු කළ යුතු අනිවාර්යය සලාතයට අමතරව අතිරේක සලාත් ද ඇත. මින් අදහස් කරනුයේ: අනිවාර්යය සලාත් සඳහා පවතින සුන්නත් සලාතයන් පිළිබඳවය.
  • අනිවාර්යය සලාතයන්ට අදාළ සුන්නත් සලාතයන් වනුයේ: ෆජ්ර් සලාතයට පෙර රකආත් දෙක, ලුහර් සලාතයට පෙර රකආත් හතර, ඉන් පසු රකආත් දෙක, මග්රිබ් සලාතයට පසු රකආත් දෙක සහ ඉෂා සලාතයට පසු රකආත් දෙකය.
  • ෆජ්ර් සලාතයට අදාළ සුන්නත් සලාතය ලුහර්, මග්රිබ් හා ඉෂා සලාතයන්ට අදාළ අතිරේක සලතයන් මෙන් නොව, එය ගමනක නිරතව සිටිය ද පදිංචි ව සිටිය ද ඉටු කරනු ලැබේ. නමුත් අනෙකුත් දෑ පදිංචි ස්ථානයේ හැර ඉටු කරනු නො ලැබේ.
  • ෆජ්ර් සලාතයේ රකආත් දෙක ඉතා වැදගත් බව නිර්දේශ කරනු ලැබේ. ඒ දෙක අත්හැරීම සුදුසු වන්නේ නැත.