දේවත්වය විශ්වාස කරන, මුඃමින්වරුන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ සුබ්හු සලාතයට පෙර ඇති රකආත් දෙක අතපසු නො කරන්නෙකු වූහ." صحيح - رواه البخاري
explain-icon

විවරණය

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියා ය: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම නිවසෙහි ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ සුබ්හු සලාතයට පෙර ඇති රකආත් දෙක අතපසු නොකර අඛණ්ඩ ව ඉටු කරන්නෙකු වූහ.

explain-icon

හදීසයේ හරය

  • ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ ෆජ්ර් සලාතයට පෙර ඇති රකආත් දෙක අඛණ්ඩව පිළිපැදීම සතුටු දායක ක්‍රියාවකි.
  • අමතර සලාත් නැමදුම් නිවසේ ඉටු කිරීම උතුම්ය. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් ඒ ගැන දන්වා ඇත්තේ එබැවිනි.